(සුජිත් හේවාජුලිගේ)

විශ්‍රාමික විගණකාධිපතිවරුන්ට  විශ්‍රාම වැටුප සමග  දෙන රුපියල් 25,000 ක දීමනාව රුපියල් 50,000 දක්වා වැඩි කිරීම සඳහා යෝජනාවක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත්   කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇති  මෙම යෝජනාව  ඊළඟ රැස්වීමේදී සම්මත කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස 28 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළේය. පසුගිය සැප්තැම්බර් මස 4 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී
ඊට අනුමැතිය හිමිවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2)  ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාට රජයේ ඒකාබද්ධ අරමුදලට වැය වරක් වන පරිදි ඉහත සඳහන් විශ්‍රාම වැටුප් හිමිකම සහිත දීමනාව ගෙවිය යුතු යැයි  එම යෝජනාවේ සඳහන් වේ.