(තිස්ස කොටින්කඩුව)
නිවුන් දරුවන් දෙදෙනකු රුපියල් 25 දහසකට අලෙවි කළ බව කියන මවක සහ සිඟති දරුවන් මිලදී ගත් බව කියන කාන්තාවන් දෙදෙනා අද දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි වැලිසර වැඩ බලන මහේස්ත්‍රාත් දිනූශී පෙරේරා මහත්මිය ඊයේ (7) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ නිවුන් දරුවන්ගේ මව වූ සඳුනි රුවන්තික සහ දරුවන් මිලට ගත් බව කියන නෙත්මිණී කෞශල්‍යා සහ රසිකා ශ්‍යමලී රණසිංහ යන තිදෙනෙකි.
තම නිවුන් දරුවන් මෙලොවට බිහිවී දින 07 ඉක්ම යන්නට පෙර ඔවුන් දෙදෙනා මුදලට අලෙවි කළ පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන් මිලදී ගෙන තිබු කාන්තාවන් දෙදෙනෙකුද අද (07) උදේ අත්අඅඩංගුවට ගත් බව රාගම පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd