
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අතින් හෙට (24) සන්ධ්‍යාවේ සිදුකෙරේ.
මෙම පාලම 'කල්‍යාණී රන් පිවිසුම' ලෙස නම් කර ඇත.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය පවත්වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කෙරිණි.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.
කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබ ඇති අතර පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.
එම ඉදිකිරීම් සිදුවූයේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල් යදායකත්වයෙනි.
ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇත.
මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කරමින් විදුලි ආලෝකකරණය කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩ වලට යොදා ගත්ත විදේශ විනිමය සැපයූ පිටරට වැසියන්ටත් ඔවුන්ගේ අය බදු වලටත් පින් සිද්ද වෙනවා .දීපු ණය ගැන නම් ආසාවත් අත් හැර ගන්න
අනුන්ට ණය වෙවී මොන තරම් දේවල් හැදුවත් වැඩක් තියෙනව....? ඔය පවත්වන උත්සවවලටත් මහජනතාවගේ මුදල් කොච්චර වියදම් කරනවද...?ඒ යන මුදලින් අහිංසක ළමයෙකුට පෑනක්...පැන්සලක් අරගෙන දුන්නනම්...නැති බැරි මනුස්සයෙකුට ආහාර වේලක් දුන්නනම් මොකද වෙන්නෙ....? ඕකත් කවදා හරි කාට හරි විකුණන දෙයක් වෙයිද කියල කව්ද දන්නෙ....?
මහින්ද මහත්තයා නිසා ලංකාව ගැන කියන්න දේවල් තියෙනවා. රටක් දියුණු වෙන්න මේ වගේ දේවල් තමයි අවශ්‍ය... නැත්කම් හැමදාම එක තැන පල් වෙන නොදියුණු ජාතියක් වෙනවා..
රාජපක්ෂලා රටට කරන්නේ මහඟු සේවයක්... ඉතිහාසගතවෙන රජවරු අනුන් වෙනුවෙන් තම ජීවිත කැපකරන දෙවිවරු...
මේ අපේ බදුමුදල්...
රනිල් කරපු වැඩක්... රටට වෙච්චි දෙයක්...
යුද්ධය, වසංගත මේ මොනවා තිබුණත් රාජපක්ෂලා රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාම ඇත්තටම අගය කළ යුතුයි. යහපාලන කාලයේ මේවා පමා වුනේ නැත්නම් විවෘත කරලා හුඟක් කල්...
දැන් අරක්කු ජෝනා කයිය ගහයි එයා තමයි මේක හැදුවේ කියලා..
රටක දියුණුව කියන්නේ එදාවේල කන්න සහන මළු දෙන එක නොවෙයි. මෙවැනි දියුණු මං මාවත් ඉදිවීමෙන් කාලය ඉතිරි වෙනවා. ආයෝජකයන් අවදානය යොමු කරනවා. ලෝකය සමඟ අපේ රට ඉදිරියට යනවා...
කවුරු මොනවා කිව්වත් කොළඹ ඉන්න අපිට විශේෂයෙන් ඔරුගොඩවත්ත මංසන්ධිය හරහා දිනපතා ගමන් කරන අපට ඒකෙ වටිනාකම තේරෙනවා. අැත්තටම වටිනා වැඩක්... කවුරු කළත් හොඳ දේ අගයමු.
මුඩුක්කුයි පරණ ගොඩනැගිලි අයින් වෙලා පිළිවෙළට නගරයක් විදිහට හැදෙනවා නම් තව හොඳයි...
මැදමුලන වලව්වේ පොල්කඩපු සල්ලිවලින් වෙන්නැති හැදුවේ.. දැන් ඉතින් ණය ගෙවමු. අපි තමයි හොඳටම කෙරුවේ...!
මොකට මේවා හදනවද? අර ඉස්සර රනිල් වගේ මුකුත් නොකර බැංකුවක්, දෙකක් කඩාගෙන නිකන් හිටියානම් ඉවරයිනේ.. ලංකාවේ ඉන්න මිනිස්සු ළඳේ ඉන්න ගෙම්බෝ වගේ හැමදේටම විරෝධතා.. අනේ මන්දා මෙහෙමත් ජාතියක්... මේ වගේ අදහස් තියෙන මිනිස්සුත් එක්ක මොන ඉදිරියට යාමක්ද?
බණ්ඩාරනායක මහත්තයාට ඒ කාලේ තොටළඟ පෑලියගොඩ පාලම හදන්න පටන්ගන්නකොට බලුබැනුම් බැන්නා... පාලම් 2ක් මොකටද කොළඹට කියලා.. නමුත් අද එයත් ප්‍රමාණවත් නෑ.
ජනතාවගෙ සල්ලිවලින් හදල ජනතා අයිතියට දෙනවා , මොකද්ද ඒ කුනු හරුපෙ ආයුබෝවන්
කවුරු කොහොම කීවත් රටක් වශයෙන් වැදගත් ක්‍රියාවක්. ලොව බොහෝ ව්‍යාපාර නගර මෙබඳු පහසුකම් සහතිව සංවර්ධයන කර ඇති අතර ලංකාව එබඳු සංවර්ධිත ව්‍යාපාර නගරයක් වශයෙන් මෙසේ දිස්වීම සතුටකි
90% ක් බේබද්දෝ ඉන්න රටක මේවා ජෝක්
මේක කවුරු පටන් ගත්තත් අතිමට ණය ගෙවන්නේ සාමාන්‍ය ජනතාව.වඩා වැදගත් වෙන්නේ ණය මුදල හොරා කන්නේ නැතුව වැඩේට පමණක් යොදවන එක.රාජපක්ෂ පවුලට වැඩේ අත ගහන්න බැරි උන හින්දා හොරකම ටිකක් හරි අඩු ඇති