IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


වාතයෙන් වතුර නිපදවන යන්ත්‍රයක් හදයි

(බී.ජී. චතුරංග)

පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට  නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති තරුණයෙකු සමත්ව තිබේ.

යන්ත්‍රය නිපදවා ඇත්තේ ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වූ තඹුත්තේගම  ඩබ්ලිව්. එම්. හර්ෂක ප්‍රභාත් ධර්මපාල නමැති විසි හතර හැවිරිදි  තරුණයෙකි.

මෙම නව නිපැයුම වූ  වාතය මගින් ජලය නිපදවීමේ නව යන්ත්‍රය මගින් පැය හතරහමාරකදී සෙල්සියස් අංශක 34 දී පමණ ජලය ලීටරයක ප්‍රමාණයක් නිපදවන බවත් මේ සඳහා කුඩා සෝලා පැනලයක්ද භාවිත කර ඇති බවත් ඔහු පවසයි

කිලෝ ග්‍රෑම් එකහමාරක් පමණ බරක් සහිත මේ නිපැයුම කොටස් තුනකට වෙන්කර තබා ගනිමින්ද භාවිත කල හැකි අතර ඕනෑම ස්ථානයකට රැගෙන යා හැකි පරිදි  මෙය නිපදවා තිබේ.

සූර්ය එළිය ඇති ස්ථානවලදී ජලය එක්රැස් වන අතර රාත්‍රියේදී සෝලා පැනලය වෙනුවට විදුලිය ලබා දීමෙන්ද ජලය නිපදවිය හැකිවීමද මෙහි විශේෂත්වයකි.

මේ නව නිපැයුම විශේෂයෙන්ම කාන්තාර, කැලෑවල ආරක්ෂක මෙහෙයුම්වලදී, මුහුදු ගමන් ආදී ජලය හිග අවස්ථා වලදී මහත් ප්‍රයෝජනයක් වනු ඇත. මේ නිර්මාණය සිදු කිරීමට මොහුට වසර එකහමාරක පමණ කාලයක් ගතව තිබේ.

මේ සුවිශේෂී නිර්මාණයට ඔහු පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අපේක්ෂා කරන අතර රුපියල් ලක්ෂ දහයක් පමණ වැය වන පරිසරයේ කසල එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ යන්ත්‍රයක් නිපදවීමටද හර්ෂක ප්‍රභාත් මේ වන විට කටයුතු කරමින් සිටියි.



අදහස් (9)

වාතයෙන් වතුර නිපදවන යන්ත්‍රයක් හදයි

Ahmed (Gulf) Wednesday, 08 May 2024 04:10 PM

හොඳ ශ්‍රී ලාංකිකයකුගේ වැඩක්... මෙම ක්‍රීයාවලිය ඊශ්‍රායලය මහා පරිමාණයෙන් පසුගිය අවුරුදු 10 ක් පුරාවට අප්‍රිකානු රටවල සිදුකරගෙන යනවා.

:       2       52

Kapila Wednesday, 08 May 2024 11:19 PM

හොඳයි, ඉදිරියට යන්න, අපේ රට තාක්ෂණයේ උච්චතම ස්ථානයක තබා ගන්න. ඔයාට තෙරුවන් සරණයි පුතේ.

:       0       17

M Thursday, 09 May 2024 12:00 AM

මම මේකට පේටන්ට් එකක් තියනවා

:       1       3

John Thursday, 09 May 2024 12:29 AM

dehumidifiers හෙවත් අවට පරිසරයේ ජලවාෂ්ප අයින් කරන යන්ත්‍ර ගැන කවදාවත් අහල නැති අයට මේවා මැජික්.

:       3       4

සෙනෙවිරත්න Thursday, 09 May 2024 03:53 AM

හෑල්ලුවට ලක්කරනවා නොවෙයි, නමුත් වායුගෝලයේ ජලය තැන් තැන් වල වෙනස්. නුවරඑළයට වඩා වැඩියි ගාල්ලෙ, ඒක නිසා ඔය ගනන් හිලව් වෙනස් වෙනවා . ඔහොම වතුර හොයන්න තරම් අහේනියක් ඉදිරියේදි රටේ වෙන්න ඉඩ තියෙනවා. ජලය දූෂණය වන විදියට.

:       0       2

sachith Thursday, 09 May 2024 08:31 AM

ඉතාමත් හොද සොයාගැනීමක්, ධීවර ප්‍රජාව මේකෙන් ගොඩක් සහයක් වෙයි

:       0       7

janahitha Thursday, 09 May 2024 09:15 AM

ගෙදර දොරේදී පවුලේ අය එකතු වුණොත් මෙය හදා ගන්න පුළුවන්

:       0       3

Bunny Preena Thursday, 09 May 2024 09:39 AM

නව සොයාගැනීම් කොච්චරක් දෝ එලි දැක්වුනා .ලස්සන සහතිකයක් සහ තඹ හෝ පිත්තල වලින් හදාපු සම්මානයක් දීලා මුකුත් උනේ නැති ගානට ඒගොල්ලන්ව පැත්තකට කරලා තියන එකනේ හැම ආණ්ඩුවක්ම කෙරුවේ . මෙවැනි අයට සහ රටට හොඳ අනාගතයක් උදා වෙන්න නම් AKD සහ ජජබ බලයට පත් කරගන්න ඕනේ

:       6       8

අනුර Friday, 10 May 2024 10:26 PM

ඔක කාන්තාර පෙදෙසක ටෙස් කරලා බලන්න ඔන මුලින්ම ජලවාෂ්ප අඩු පරිසරයක

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්පැන් සමාගම්වලින් තවමත් රජයට කෝටි 700ක් පොලු
2024 මැයි මස 19 6 0

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර


කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 471 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 388 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 3369 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 351 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 1671 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 805 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2358 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site