
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය.
යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හදිසියේ ගොඩබෑමට නියමුවන් උත්සහ කළ අවස්ථාවේදී එය අනතුරට පත් වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. යානය කඩා වැටෙන්න ඇතැයි සැක කෙරේ.
යානය අනතුරට පත්වුණු ස්ථානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කෙරුණු නමුත් තවමත් එම ස්ථානය නිවැරදිව සොයා ගැනීමට හැකි වූයේ නැතැයි ඉරාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
(බීබීසී)
COMMENTS
මෙච්චර දියුණූ තාක්ෂණයක් තියෙන ලෝකේ ඕක කඩාවැටුණ තැන හොයාගන්න බැරි වුණාද තවම. ඒකට අපේ රටේ කට්ටිය. වැටෙන්න කලින් කියනවා කොහාටද වැටෙන්නේ කියලා. දැන් කෘතීම බුද්ධියෙන් වැඩ කරන්නේ.
හ්ම්ම්ම්ම්.. මෙයගේ පැවැත්මට තිබුන තර්ජන එකක්‍ද ?
අන්තවාදී ඉස්ලාමික ත්‍රස්තවාදය පතුරුවන්නන්ට දඬුවම් ලැබෙනවා. අන්න සෞදි රජ්ජුරුවොත් උණ ගැනිලා වෙව්ලනවලු. කරන කළට පව් මීරිය මී සේ.
ලංකාවට අවංකව උදව් කල රටක්, නිර්භීත නායකත්වය, සියලුදෙනාම නිරුපද්‍රිතව හමුවේවා යැයි ප්‍රාර්ථනා කරමු.
The butcher of Teheran ලෙස ප්‍රසිද්ධියට පත් මේ කුරිරු පාලකයා විසින් විරුද්ධ වාදීන්,කාන්තාවන් දහස් ගණනක් මරා දැමුවා පමණක් නොව ඉරාන ත්‍රස්තවාදය ලොව පුරාම පැතිරවීමට කටයුතු කළ තැනත්තාය.ඔහුගේ විනාශය තමන් කරා එන මොහොතවත් ඔහුට දැනගන්නට ඉඩක් නොලැබීම රුදුරු ඒකාධිපතියන්ටම විශෙෂ වූ දෙයකි.
ඉරාන ජනාධිපති හා විදේශ ඇමැති අතුරුදන් වෙලා ලංකාවේ ඉරාන තානාපතිට ලංකාවේදි පහර දීමක් කරලා තියෙනවා ඔය අතරේ සෞදියේ රජුට උණ ගැනිලා අසාධ්‍යම වෙලා මේ දෙගොල්ලම ඊශ්‍රායලයට පහර දෙන පිරිස් නොවෙයිද
ඔය ටික කරගන්න දඟලපු තරමක්.