(රංජන් කස්තුරි) 

මහා පරිමාණ  මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි  700ක   පමණ සුරාබදු ආදායමක්  ලැබීමට  නියමිතව  ඇතැයි   මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට  ඉහතදී   සුරාබදු නොගෙවූ මහා පරිමාණ  මත්පැන් නිෂ්පාදන සමාගම්   කීපයකම  සුරා බලපත්‍ර   අත්හිටවූ  අතර පසුව  එම  සමාගම්  හිග බදු මුදල් ගෙවා  නැවත   බලපත්‍ර  ලබා ගත් බව ද  මුදල් අමාත්‍යාංශය කියයි.

කෙසේ වෙතත් එම හිඟ මුදල් ගෙවීමෙන් පසුව නැවතත් මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් රුපියල් කෝටි හත්සීයක සුරා බදු පොල්ලක් නැවත තබා ඇතැයි ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹදී ඉකුත් දා සංවිධානය කර තිබූ ආර්ථිකය දේශපාලනය අද රට හා හෙට යන මැයෙන්  වූ  විද්වත් කථිකාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය  හර්ෂ ද   සිල්වා මහතා සඳහන් කළේ සුරා බදු නිලධාරීන් මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අය කර ගැනීමේ දී විශාල අක්‍රමිකතා සිදුවන බවය.

එම නිසා සුරා බදු අය කර ගැනීම විධිමත් කිරීමට නම් සුරාබදූ දෙපාර්තමේන්තුවට   ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් මීට ඉහත දී මත්පැන් බෝතල් මත අල වන ස්ටිකර් සම්බන්ධයෙන් ද විශාල වංචනික ක්‍රියාවල යෙදුණු බව ද ඔහු සඳහන් කළේය.