(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් මන්නාරම ,පේසාලේ මුරුගන් කෝවිල ආසන්නයේ කැලෑ ප්‍රදේශයක කැණීම් සිදුකරමින් සිටියේ යැයි කියන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු සිවු දෙනෙක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සවස අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගැනුණ මෙම සැකකරුවන්ගෙන් හෙළිකර ගත් තොරතුරු මත මේ සඳහා ආධාර අනුබල දුන්නේ යැයි කියන තවත් සිව් දෙනකු ද පේසාලේ ප්‍රදේශයේ හෝටලයක් අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයා නාවික හමුදා කඳවුරක අණදෙන නිලධාරියා යැයි පොලිසිය සඳහන් කරයි.
මොවුන් සිව්දෙනා කැණීම් කිරීමට යොදාගත් උපකරණ සහ ස්කෑන් යන්ත්‍රය ද ඔවුන් පැමිණි මෝටර් රථයක් සහ වෑන් රථයක් ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
-
ඕවා පොළොවට පස් වෙලා යන එකේ ඒවගෙන් වැඩක් ගත්තාම මොකෝ වෙන්නේ.
රටේ අපරාධ වලට වැඩිපුරම දායකත්වය රණවිරු ලේබලය ගහගත්ත අය නිසා නේද?
මෙවැනි දේවල් ඇයිද ආණ්ඩුව මැදිහත් වෙලා කරන්නේ නැත්තේ