(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූලික ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන ලෙස සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ව්‍යවසායකයන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී කටයුතු කළ යුතුව තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
කුඩා ආයතන වලට පවා 30% ක බද්දක් ගහන බව කී හර්ෂ ද සිල්වා මහතා මේවා ගෙවන්නේ කොහොමදැයි ප්‍රශ්න කළේය.
සමහර අමුද්‍රව්‍ය ආනයනය තහනම් කර තිබෙන හෙයින් ව්‍යවසායකයින් දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටින බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
කුඩා හා මධ්‍ය පරිමාණ පරිමාණ ව්‍යවසායකයන් ලයිට් බිල වැඩිවීම දරා ගන්නේ කෙසේදැයි හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කළේය.
“කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පාන ගැටලු” පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම ඉතාමත් හොදයි. පාර්ලිමේන්තුවේදි ගරු මන්ත්‍රීවරයෙක් කියනවා .සුළු ව්‍යාපාරකයින්ට වඩා මධ්‍යම පන්ති ව්‍යාපාරකයින් ගැන සොයා බලන්නලු.මධ්‍යම පන්ති ව්‍යාපාරකයින්ගේ 300ත් 400ත් සේවක මහහතුන් කර්මාන්ත ශාලා වල ඉන්නවලු.සුළු ව්‍යාපාර කරන අයත් එතෙන්ට එන්න තමයි උත්සහ කරන්නෙ.කරුණකරල මේකත් දේශපාලන වාසියකට ගන්න එපා.ස්තුති.