IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වාහන හිඟයෙන් ආණ්ඩුවේ කන්තෝරු කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ)

අධික වාහන හිඟය හේතුවෙන් ප්‍රාදේශීය  ලේකම් කාර්යාල  සහ  පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රැසක වැඩ කටයුතුවලට දැඩි බාධා මතුව ඇතැයි වාර්තාවේ.

රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට තවත් වාහන පන් හය දහසක් අවශ්‍ය වන බව රජයට පෙනී ගොස් ඇත.

රාජ්‍ය ආයතනවලට වසර 15කින් පමණ වාහන මිලදීගෙන නැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

බොහෝ ආයතනවල පවතින අධික වටිනාකම් සහිත අධි සුඛෝපභෝගී වාහන විකුණා ලබා ගන්නා මුදල් වලින් එදිනෙදා පරිහරණයට වැදගත් වන පොඩි වාහන මිලදී ගැනීමට රජයේ විශේෂ අවධානය යොමුව ඇත.

මේ අතර රජයේ ආයතනවල වැඩි එන්ජින් ධාරිතාවය සහිත අධි සුඛෝපභෝගෝ  වාහන වෙන්දේසි  කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තද බොහෝ ආයතනවල එම කටයුතු හරියාකාරව සිදුවී නැතැයි වාර්තාවේ.



අදහස් (4)

වාහන හිඟයෙන් ආණ්ඩුවේ කන්තෝරු කොටඋඩ

යසපාල Saturday, 09 August 2025 01:46 PM

ආණ්ඩුවේ කන්තෝරුවලට සුදුසුම වාහනය ත්‍රිරෝද රථයි. ඕවායේ එක වරකට යන්නේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක්. ඉන්ධන වියදමත් අඩුයි. අපේ ආණ්ඩුවෙන් වෙනසක් කරමු.

:       4       13

PGPThilak Saturday, 09 August 2025 01:53 PM

රාජ්‍ය ආයතනවල වාහන අවභාවිතා කරන සංස්කෘතිය වෙනස් නොකරන තුරු ඔය අඬවැඩියාව ඉවර වෙන්නේ නෑ...! අහිංසක ගොවියන් ධීවරයින් නිෂ්පාදන ක්ෂේත්‍රයේ කම්කරුවන් බිත්තියට හේත්තු කරලා බදු පිට බදු ගහලා රජයේ නිලධාරීන්ට වාහන දීලා තමයි නිෂ්පාදන ආර්ථිකයක් හදන්න යන්නේ...! අනේ අපොයි කාට කියන්නද මේ අවනඩුව?

:       2       19

ගුණරත්න Saturday, 09 August 2025 04:07 PM

බුහ හා, තිබ්බ වාහන වෙන්දේසි කරලා දැන් කියනවා වාහන හිඟයි කියලා, කාවද මේ රවට්ටන්නේ? අධික වාහන හිඟය? බම්බුව තමයි. පොරොන්දු වුනේ බස් එකේ එනවා ත්‍රී වීල් එකේ එනවා ගගා. දැන් ඕන ලක්ෂරි වාහන...

:       6       15

දිනේෂ් Saturday, 09 August 2025 10:32 PM

ගුණරත්නට අසනීපයක් තියෙන බව තේරෙනවා. හොදට නිව්ස් එක ආයේ කියවන්න. මිල වැඩි වාහන විකුණලා මිල අඩු වාහන ගේන්න හදනවා කියලා තමයි තියෙන්නේ.

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 666 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17760 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site