IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වීසා නැති 13ක් පිටුවහල් කරයි

(රෝෂන් තුෂාර)

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(11) නියෝග කළේය.

ආගමික හා විගාමික පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වන චූදිතයන්ට සිරදඬුවම් පැමිණ විය යුතු වුවත්, චූදිතයින් විසින් සිය වරද මුල් අවස්ථාවේදීම අධිකරණය හමුවේදී පිළිගැනීම සහ වීසා සකස් කර ගැනීම යන කරුණු සලකා බැලීමෙන් පසුව මෙම පිටුවහල් කිරීමේ නියෝගය නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය .

චුදිතයන්ගේ නම් අසාදු ලේඛනයට ඇතුළත් කරන ලෙසට ආගමන හා විගමන නිලධාරීවරයාට නියෝගයක් ද නිකුත් කළේය.

එක් එක් සැකකරුවන්ට රුපියල් පනස් දහස බැගින් ලක්ෂ 650 දඩයක්,එම දඩය නොගෙවන්නේ නම් එක් චූදිතයෙකුට අනිවාර්යයෙන් මාස හයක සිර දඬුවමක් නියම කරන බවද නියෝග කළේය. එක් එක් චූදිතීන්ට වසරක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වූ කරුණු අනුව එම සිර දඬුවම වසර පහකට අත්හිටවන බව දන්වා සිටියේය.

දඩය ගෙවීම අනිවාර්ය බවද සඳහන් කළේය.

 



අදහස් (4)

වීසා නැති 13ක් පිටුවහල් කරයි

samson Wednesday, 12 February 2025 09:20 AM

රු: හය ලක්ශ පනස් දහසද? නැත්නම් රු: කෝටි 6.5 ද?

:       0       3

prabash Wednesday, 12 February 2025 11:25 AM

පහුගිය කාලේ බෝට්ටුවලින් ආපු අයව හොයලා අල්ලන්න. ඒ අය හැංගිලා ඇති. වහාම යවන්න.

:       3       7

බකල ජයාWednesday, 12 February 2025 11:41 AM

නැවෙන් ආව විජයවත් අල්ලලා යවමු.

:       4       10

රුවන් Thursday, 13 February 2025 12:16 PM

මහාවංශයට අනුව ලංකාවේ පළවෙනි රජතුමාත් හොරෙක්, සල්ලාලයෙක් වගේ දුෂිත චරිතයක්, රටිනුත් පන්නපු. ලංකාව නිකං හොරුන්ට කාන්දම් වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site