
(රෝහන චන්ද්‍රදාස)
අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික් දෙකේ රජයේ සියලුම පාසල් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (20) නිවාඩු දිනයක් ලෙස උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඊයේ (19) රාත්‍රී ප්‍රකාශයට පත්කෙරිණි.
පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතාගේ අනුමැතිය මත මෙම තීරණය ගෙන ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව් . සමරකෝන් මහතා පවසයි.
මේ අනුව පළාතේ රජයේ සියලුම පාසල් අද (20) වසාතැබීමට කටයුතු කරන ලෙස කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුනට හා විදුහල්පතිවරුනට දැනුම් දුන්නේය.
මේ නිසා 3, 4 හා 5 ශ්‍රේණිවල පාසල් වාර විභාග කල්දැමීමට ද තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd