IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

අල්ලස් කොමිසමේ  නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාරව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න සැකකාරියගේ දියණිය ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග  නියෝග කළාය.

කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ කුරුඳු වත්තේ පදිංචි  හේමාලී විජේ රත්න සැකකාරිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පසුගිය සිකුරාදා දින අධිකරණ භූමියේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කෙසෙල් වත්ත පොලිසිය එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර අල්ලස් කොමිස මේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමද තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අදාළ පැමිණිලි දෙකම සලකා බැලීමෙන් පසුව මෙසේ වෙන් වෙන් වශයෙන් ලබන නමවැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  නියෝග කළාය.

සැකකාරිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් සඳහන් කර සිටියේ විදේශයක ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ඇ‘ය මැරෙනවා‘ යැයි කිවූ දේ මරණවා යැයි වෙනත් විදිහකට වටහාගෙන මෙම පැමිණිල්ල කර ඇති බවය.

ලබාල තැනැත්තියක් බැවින් ඇයට ඇප නියම කරන ලෙසද නීතිඥවරුන් ඉල්ලා සිටියේය.

(ඡායාරූපය: සුමුදු හේවාපතිරණ)

 



අදහස් (19)

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය රිමාන්ඩ්

Gayan Monday, 07 July 2025 02:53 PM

ඉතින් ඉංග්‍රීසි වලින් බනින්න තිබුණනේ... මොන එහෙකටද නොදන්න සිංහලෙන් බනින්න ගියේ... හොඳ වැඩේ...

:       9       56

කුකුල් චමින්ද Monday, 07 July 2025 03:42 PM

මේක අහලා මටත් හිතෙනවා මැරෙන්න, ඒත් ලාබාල වුණත් මැයටත් බත්කටක් කවාගෙන ඉන්න එක ඊටත් වඩා හොඳයි කියලත් හිතෙනවා.

:       10       49

Jagath Leanage Monday, 07 July 2025 04:40 PM

රට රටවල් වල ඉගෙන ගත්තත් වැඩක් නැහැ, තැනකට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැත්තන්...

:       7       61

Nimal Monday, 07 July 2025 04:50 PM

ඇය නිදහස් කිරීමට පෙර තේරෙන භාෂාවෙන් අධිකරණයේදී තදින් අවවාද කරාවි...

:       5       39

podi haamine Monday, 07 July 2025 05:59 PM

ඇය කියපු වචනය තේරුම් ගැනීමටවත් බැරි පොලිසිය හා අල්ලස් කොමිසම... අද්භූත

:       60       6

කුසුම්සිරි Monday, 07 July 2025 06:57 PM

ඔක්කොටම හපන් මේ වගේ අපරාධකාරයෝ බේරාගන්න ඉදිරිපත්වන නීතිඥයෝ... හැබැයි දැන්නම් මිනිස්සු රැල්ලක් වගේ අපරාධකාරයෝ බේරාගන්න නීතිඥයෝ කෙරෙහි ප්‍රසිද්ධියේම අප්‍රසාදය පලකරනවා.

:       5       28

NirangaTuesday, 08 July 2025 06:33 AM

මුන්ව පන පිටින් හම ගහන්න ඕන

:       0       0

Nimal 1 Monday, 07 July 2025 07:02 PM

රස්තියාදුකාරියක් වගේ පෙනෙන්නේ...

:       4       20

sumith Monday, 07 July 2025 07:02 PM

මෙය බොහෝ විට තමන්ගේ මව අත් අඩංගුවට ගැනීම නිසා ඇතිවූ මානසික පීඩනය නිසා කියැවුණු දෙයක් විය හැකිය.

:       14       20

shamika Monday, 07 July 2025 07:15 PM

අහිංසක ලෙඩ්ඩු විකුණගෙන කාපු සල්ලි වලින් කාපු නුඹලාට හොඳක් වෙන්නේ නැහැ. තව එනවා මෙතන සද්දේ දාන්න.

:       7       26

Indikaබබ Monday, 07 July 2025 07:32 PM

මට නම් හිතෙන්නේ ඔය එකේ අයටත් ඕකේ බත් කන්නවෙයි වගේ.. මොකො කිව්වොත් හරිම අතාත්වික නඩු හබ තමයි එන්නේ... මේ දොස්තර විතරද දන්නේ නැහැ ඕකේ ඔපරේසන් කරේ.. තියටර්එකේ තව බල්ලෙක්වත් ඉඳලා නැහැ වගේ...!

:       9       8

චතුරිMonday, 07 July 2025 10:20 PM

ඉන්දික ඔයාට. මොලය කියන දේ පිහිටලා නැතිව ඇති. ඔයා නැත්නම් අර ගෝබ්බ රැලගෙන් එකෙක් වෙන්න ඇති එහෙම අයට ජනතාව මැරුණාට ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ගේ අඹුවයි. මොන්ගල් බේබීලා හොඳට හිටියොත් තැති කතා ලියන කැත. ඔය වගේ කට්ටිය මැරුණාම මේ අම්මන්ඩිට කියලා මොලේ එළියට අරන් බලන්න ඕනෑ. මොකද මොලේ වැඩිලා නැත්තේ කියලා. පපුව පලලා බලන්න ඕනෑ. ලේ උණුවෙන්නේ නැත්තේ. නහර මැරිලාද කියලා. පන්සල් ගිහින් පිරිත් නූල් දාගන්න...

:       0       0

Chathuri Monday, 07 July 2025 07:37 PM

අතේ පිරිත් නූල් ගැට ගහපු හාමුදුරුවෝ. දන්නෙම නැත්ද මෙයාගේ අම්ම කරලා තියෙන අපරාධ. අසරන ලෙඩ්ඩුන්ට. මේ වගේ හිරිකිත වැඩකරන අයට ලැජ්ජාවක් නැත්ද පිරිත් නූල් බැඳ ගන්න. එදිනෙදා වැඩ කරන මිනිහගෙ අතේ මොන නූලක්වත් නැහැ.

:       11       20

JayasekaraTuesday, 08 July 2025 09:32 AM

පිරිත් නූල් බඳින්න එනකොට හාමුදුරුවෝ පැටිකිරිය අහන්නේ නැත්තේ... අනික ඕක බැන්දේ හාමුදුරුවොද? නැතිනම් ගෙදර කවුරු හරිද කියලා කවුද දන්නේ..? කෙසේ වෙතත් මේ අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ...

:       0       0

Perera Tuesday, 08 July 2025 12:13 AM

මේ වගේ අය බම්බලපිටියේ ගාලු පාර අයිනේ හවසට ඉන්නවා.

:       0       0

දීපාල් Tuesday, 08 July 2025 04:12 AM

අම්මටත් දුවටත් හරි අධ්‍යාපනයක් ලැබිල නෑ.... නැත්නම් අම්ම ඔහොම හොරකම් කරයිද, දුව ඔහොම කථා කරයිද?. අයථා ඉපයීම් සියල්ල රාජසන්තක කර දඬුවම් ලබාදිය යුතුයි.

:       0       0

Bunny Preena Tuesday, 08 July 2025 11:14 AM

කවුරු හරි බැතිමතෙක් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඔහුට හෝ ඇයට ආශීර්වාද කරන්න කියපුවාම ආගමික වතාවත් කරලා පිරිත් නූලක් බඳින එක සම්ප්‍රදායක්... පූජාභූමියකට පැමිණි ඕනෑම පුද්ගලයෙක්, සැදැහැවතෙක් හැටියට තමයි මහා සංඝ රත්නය පිළිගන්නේ නැතිව සේවාදායකයකු හැටියට නෙවෙයි.

:       0       0

Rata Perata Tuesday, 08 July 2025 11:42 AM

පේනවානේ, අම්මා තාත්ත එකතුවෙලා සල්ලිම හම්බකරලා, ළමයින්ට ගුණදහම් කියලා දීලා නෑ. දැන් ඉතින් අපේ සල්ලිවලින් උන් හදන්නත් වෙලා තියෙන්නේ. අර අයියා "එංගලන්තේ" කියලා තිබුණා. මේ කෙල්ලට අහන්න කියන්න — “ඉංගලන්තේ උසාවියේ ඔහොම කියන්න පුළුවන්ද කියලා. මේ වගේ බඩජාරී “දොස්තරලා” වෙනවාට වඩා හොඳයි හිඟා කන එක. කාලකන්නි!

:       0       1

Lakmal Saturday, 12 July 2025 09:21 AM

ලංකාවට ඉන්න එකම එක ස්නායු ශල්‍ය වෛද්‍යවරිය. ලංකාවට ඉන්න ස්නායු ශල්‍ය වෛද්‍යවරු 19 දෙනාගෙන් එක්කෙනෙක්. තමන්ගේ කෙනෙකුට මොලයේ ශල්‍ය කර්මයක් කරගැනීමට නොහැකි වීමෙන් මියයනවිට සිහිවේවි අපහාසයේ මහත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1956 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site