
(සුජිත් හේවාජුලිගේ )
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා මාසිකව ලොකු වියදමක් දරන හෙයින් මෙවැනි බංගලාවක් දුනහොත් එම කුලී මුදල සම්පූර්ණයෙන්ම ඉතිරි කරගත හැකි බව එහි ප්‍රධානීන් පෙන්වා දී ඇත.
ඇමැති බංගලා ඉල්ලා ඇති රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට හැටක් දක්වා ඉහළ නැග ඇත. තානාපති කාර්යාල, අමාත්‍යාංශ, රජයේ ආයතන, විශ්ව විද්‍යාල ඇමති බංගලා ඉල්ලා ඇති ආයතන අතර වන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇමැති බංගලා පනහක් කොළඹ පමණ පවතින අතර මෙම බංගලා ඇමතිවරුන්ගේ පාවිච්චියට නොදීමට රජය බලයට පත් වූ වහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.
2025 නොවැම්බර් මස 04
728
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
අරවින්ද මොණරවිල Monday, 21 April 2025 01:50 PM
කුලී ගෙවලා පවත්වාගෙන යන රාජ්‍ය ආයතන වලට මේ ඇමැති බංගලා බාර දූන්නා නම් රජයේ වියදම් අඩු කරගන්න පුළුවන් වෙයි.
pjMonday, 21 April 2025 03:30 PM
බංගලාවක් කර්යාලයක් බවට හැරවීමට යන වියදම ගැන සුළු හෝ හැඟීමක් නැති හැඩයි.