(රොමේෂ් මධූෂංක)
කිලිනොච්චිය පෙරියකුලම් වැවේ දියේ ගිලීමෙන් දෙදරු පියෙකු ඊයේ (29) දින මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පැවසීය.
පෙරියකුලම් වැව් බැම්මෙහි පිහිටි හින්දු කෝවිලේ දේව මෙහෙයක් පැවති අවස්ථාවේ අදාල පුද්ගලයා එම ස්ථානයට පැමිණ ඇති අතර පසුව වැවෙන් දිය නෑමට යන බව පවසා වැවට පැන ඇත.
එහිදී දේව මෙහෙයට සහභාගී වූවන් විසින් අදාල පුද්ගලයා වැවට පැන්න පසු දියේ ගිලීමට අවදානමක් පැවතීම හේතුවෙන් ගොඩට රැගෙන ඒමට පියවර ගත්තද සුලු වේලාවකින් නැවතත් ඔහු වැවට පැන පිහිනා ඇති අතර එහිදී මද වේලාවකින් දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd