IMG-LOGO

වැලිගම මුහුදේ දිය නෑමට ගිය තරුණියෝ හතරක් ගසා ගෙන යති

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)

මල්වර වියට පැමිණීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වු සාදයෙන් පසු පවුලේ නෑ හිතවතුන් සමග වැලිගම මුහුදු තීරයේ දිය නෑමට පැමිණි 12 හැවිරිදි දැරියක හා ඇගේ 16 හැවිරිදි ඥාති සහෝදරියක  මුහුදේ අතුරුදන් වී තවත් දැරියන් දෙදෙනකු දිවි බේරා ගෙන ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

ඥාති සහෝදරියන් සිව් දෙනකු මෙම අනතුරට ලක්ව තිබු අතර අතුරුදන්ව ඇත්තේ වැලිගම මූදුගමුව හා බද්දේගම පදිංචී දැරියන් දෙදෙනෙකි.

මුහුදේ දිය නාමින් සිටි ඥාති දැරියන් සිව් දෙනාම සැඩ රල පහරකට හසු වී ගසා ගෙන ගොස් ඇති බවත් ඒ අසල සිටි තරුණයන් දෙදෙනකු ඇතුළු පිරිසක්  දෙදෙනකු බේරා ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.

අතුරුදන්වු මූදූගමුවේ පදිංචි දැරිය මල්වර වීමේ ප්‍රීතිය නිමිත්තෙන් එම නිවසේ සාදයක් පවත්වා තිබෙන අතර ඊට සහභාගී වු පවුලේ ඥාතීන් කැබ් රථයකින් මුහුදේ දිය නෑම සදහා පැමිණ තිබෙන බව කියති.

දිවි බේරා ගත් දැරියන් දෙදෙනා වැලිගම වලාන රජයේ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.

අවුරුදු 14 හා 21 යන වයස්වල පසුවන ඔවුන්ගෙන් දැරියකගේ තත්වය තරමක් බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 

මුහුදේ අතුරුදන් දැරියන් දෙදෙනා සොයා ගැනීම සදහා පොලීසිය හා නාවික හමුදාව මුහුදේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණේය.

 



අදහස් (4)

වැලිගම මුහුදේ දිය නෑමට ගිය තරුණියෝ හතරක් ගසා ගෙන යති

පිටිගල මිලානෝ Sunday, 23 January 2022 04:42 PM

ලංකාවේ මුහුද කෙතරම් සුන්දර වුවත් හරිම භයානකයි. සුන්දර හැම මුහුදු තීරයක්ම දුක්ඛදායක කතා බොහෝ ඇත...

:       0       18

යෝගා Sunday, 23 January 2022 05:32 PM

මෙවැනි ජනාකීර්ණ මුහුදුතීරයන්ට වෙරළාරක්ෂක සේවාවන් යොදන්න.

:       0       15

වසන්ත Sunday, 23 January 2022 05:36 PM

අනේ ඉතින් විපතට පත් වූ හැටි...!

:       0       12

රටවැසියන් Monday, 24 January 2022 01:06 PM

මෙව්වා දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසාම සිදුවෙන " අපරාධ " .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site