
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමරිකන් බද්ද නිසා වැලිගම ආයතනයක බෝනස් නොදීමේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කම්කරු අමාත්‍යංශ ලේකම්ට සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරියට උපදෙස් ලබා දුන් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
වාර්ෂික බෝනස් නොදීමේ ප්‍රශ්නයක් නිසා අදාල ආයතනයේ සේවකයින් 2244ක් ඊයේ දිනයේ සිට වැඩ වර්ජනයක නිරත වී සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
මාතර කම්කරු කාර්යාලයේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා බෝනස් ලබාදීමේ කාරණය ඇමරිකා බදු තීරණයට අදාල නොවන බව තම අදහස බවද සඳහන් කළේය.
කෙසේ වුවද මේ ප්‍රශ්නයට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස අදාල අංශ වලට උපදෙස් දුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆුල් සූට් එක මෙතුමාට හුරු නෑ වගේ නේද? එතුමාට ඇත්තටම හුරු උද්ඝෝෂණ.
තාම බද්ද පනවලත් නැහැ. මෙන්න ප්‍රතිඵල, ෂෙඩ් කාරයෝ, ප්‍රයිවට් බස් කාරයෝ ගාණට වැටිලාද මේ ජෙන්ටල්මන්ලා...?
මෙතන මානුෂීය ගැටළුවක් තියෙනවා, ඒත් සාමූහික ගිවිසුමකින් තහවුරු කරලා නැත්නම්, පත් වීම් ලිපියේ/ රැකියා ගිවිසුමේ නැත්නම් ප්‍රසාද දීමනා කියන්නේ සමාගමේ මූල්‍ය තත්ත්වය එක්ක බලලා දෙන්න සලකා බැලිය හැකි දෙයක්. අයිතිවාසිකමක් නොවේ...
මේවා දේශපාලන කුමන්ත්‍රණ... බෝනස් ගෙවන්න බැරි පරිපාලනයේ දූෂණ, බොරු හේතු පෙන්නලා... වසාදමන තැනට පත්කරලා ඇති අවස්ථාවෙන් ප්‍රෙයා්ජන අරගෙන...