IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වරායේ දූෂණ කෝප් කමිටුවේදී අතේ පත්තු වෙයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හම්බන්තොට වරාය  2017 වර්ෂයේ දී වසර අනූ නවයකට බදු දීමෙන් ලබාගත් මුදල එම වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට යොදා නොගෙන මහ භාණ්ඩාගාරය රජයේ වෙනත් කටයුතු සඳහා වියදම් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව ) තොරතුරු අනාවරණයවී ඇත.

මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේවනවිට නොපෙන්වන බව කෝප් කමිටුව පවසයි.

වරාය අධිකාරියේ සේවකයන් සදහා 2021 වර්ෂයේදී  අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 585 ක් ගෙවා ඇතැයිද  මෙහිදී තොරතුරු අනාවරණය වී ඇත.

මින් රුපියල් කෝටි 117ක්  ගෙවා ඇත්තේ සේවක අතිරික්ත පවතින අංශවල සේවකයන් සඳහා බවද පැවසේ.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2019, 2020 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය   පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි  සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා  (22) රැස්වූ  අවස්ථාවේදීය.

සේවකයන් සඳහා අතිකාල දීමනා ගෙවීමට සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන  ලෙස කෝපා කමිටුවේ සභාපතිවරයා  වරාය අධිකාරියට නිර්දේශ කර ඇත.

හම්බන්තොට වරාය 2017 වසරේදී බද්දට දීමේදී ලැබුණු මුදල මෙන්ම ඉතිරි ණය මුදල වරාය අධිකාරිය මහාභාණ්ඩාගාරයට ලබා දුන් බවත් ණය පොලී අනුපාතය අඩු අගයක් ගත් බැවින් වරාය ඉදිකිරීමට ගත් ණය මුදල පියවීම සිදුනොකර  භාණ්ඩාගාරය ඒ මුදල රජයේ වියදම් සදහා යොදා ගෙන ඇති බවත් මෙහිදී  හෙළිදරව්වී ඇත.

මහා භාණ්ඩාගාරය මේ වනවිට ණය හා පොළිය ආපසු ගෙවීම සිදු කළද ‍ ගිණුම් ප්‍රකාශනවල නිසි පරිදි එය ණය ගෙවීමක් ලෙස  සටහන් නොවන බවද  කමිටුව පවසයි.

වරාය අධිකාරියේ ගිණුම් වල 2017 නොවැම්බර් 30 වනවිට   ඉතිරිව පැවති  රුපියල් කෝටි දාහතර දහස් දහස්  හත් සිය  හතළිස් හයක   ණය හා පොලී ශේෂය සහ රුපියල් කෝටි 4154 ක  විදේශ විනිමය පරිවර්තන අලාභය වරාය අධිකාරිය විසින් මහාභාණ්ඩාගාරයේ හෝ කැබිනට් අනුමතියකින් තොරව මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත් කරනු ලැබ ඇති  බවද  අනාවරණයවී ඇත.

මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන ඇති  විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේවනවිට නොපෙන්වන බවද  එම කමිටුවේ දී හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය , වරාය අධිකාරිය සමග සාකච්ඡා කර  එම මුදල්  නිසි පරිදි  ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගෙන මසක් ඇතුළත වාර්තා කරන ලෙස චරිත හේරත් මහතා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට  නිර්දේශ කළේය.

මෙහෙයුම් කටයුතු 2017 නොවැම්බර් සිට  නතර කර ඇති අධිකාරියේ පරිපාලිත සමාගමක් වන මාගම්පුර වරාය කළමණාකරණ සේවා පුද්ගලික සමාගම 2014 වර්ෂයේදී නැව් තෙල් මිලදී ගැනීම සදහා මෙරට බැංකුවකින් ඇ.ඩො මිලියන 24 ක ණය මුදලක් ලබා ගෙන ඇති බවත් එම මුදල පියවීමට අපොහොසත්වීම නිසා අදාළ බැංකුව මෙම සමාගමට විරුද්ධව නඩු පවරා ඇති බවත්  කෝප් කමිටු රැස්වීමේදී  තොරතුරු හෙළිවී ඇත.

ඇමරිකානු ඩොලර්   මිලියන 24 ක නැව් තෙල් මිලදී ගත්තද එම තෙල් භාවිත නොකර  දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම නිසා කල් ඉකුත් වූ පසු ඇ.ඩො. මිලියන 3.5 කට විකුණා ඇති බවද  හෙළිදරව් වී ඇත. මේ අනුව  ඇ.ඩො මිලියන 20.5 කට ආසන්න අලාභයක් මෙහිදී සිදුවී ඇති බවටද  නිරීක්ෂණයවී ඇත.

චීන සමාගමකට හම්බන්තොට වරාය  2017 දී  බදු දීමේදී මෙම ‘මාගම්පුර වරාය කළමණාකරණ සේවා පුද්ගලික සමාගමේ’ තෙල් ටැංකි සියල්ලද පවරා දී  ඇති බවත් එම අවස්ථාවේදී මෙම ණය මුදල් පිළිබදව අනාවරණය කර නොමැති බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

එම හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය සහ උපදේශකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වහාම මැදිහත් වන  ලෙස කමිටුව  මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

වරාය අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව වන 9990 ඉක්මවා නොගියද අවිධිමත් හා සංකීර්ණ ලෙස බදවා ගැනීම් සිදුව ඇති බවද  මෙහිදී තොරතුරු   හෙළිවිය. වරාය අධිකාරිය 2010 වසරේදී ඉදිරිපත්කර  ඇති සේවකයන් බදවා ගැනීමේ පටිපාටිය ( SOR)  කළමනාකරණ සේවා දෙපාරතමේන්තුවෙන් අනුමත වී නොමැති බවද  අනාවරණය විය. ආයතනය සහ සේවකයන් අතර සාමුහික ගිවිසුම් මගින් බදවා ගැනීමේ පටිපාටිය හා වැටුප් තල  තීරණය කර  ඇති බව  වරාය අධිකාරියේ නිලධාරීහු පැවසූහ. 

කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ වැටුප්  කොමිසමේ නිර්දේශයන්ට වරාය අධිකාරිය  එකගත්වය පළ කර නොමැති බවද ඒ අනුව තනතුරු පමණක් අනුමත කර ඇති බවද   හෙළිවිය. අධිකාරියේ අදාළ  වැටුප් තල අනුමත නොවන නිසා බදවා ගැනීමේ පටිපාටියද (SOR) අනුමත කරගත නොහැකිවී ඇති බවද තවදුටරටත් මෙහිදී අනාවරණය විය.

සාමූහික ගිවිසුම් මගින් වැටුප් තල හා බදවා ගැනීමේ පටිපාටිය තීරණය කළද වරාය අධිකාරිය මේ රටේ  ආයතනයක් බැවින් අනෙකුත් ආයතනවලට අදාළ නෛතික රාමුව තුළ  කටයුතු කිරීම  අවශ්‍යතාව මෙහිදී කෝප් සභාපතිවරයා අවධාරණය කළේය. යම් විශේෂිත හේතු කාරණා ඇත්නම් ඒ පිළිබද සාකච්ඡා කර  නෛතික රාමුව ඔස්සේ මෙම ගැටලුව කඩිනමින් විසදා ගැනීමට කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග කඩිනමින් සාකච්ඡා කර    නිසි තීරණයක් වහාම ගන්නා ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

වැඩ සහයකයන් ලෙස සුදුසුකම් රහිත  1500 කට ආසන්න ප්‍රමාණයක් බදවා ගෙන ඇති තත්ත්වයක එම වෘත්තිය හැකියාව රහිත පුද්ගලයන් සදහා රාජකාරිය වෙනුවෙන් අමතරව අතිකාල දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය. තවද මාසකට පැය 400 ක් පමණ අතිකාල දීමනා ගන්නා සේවකයන් සිටින බවද  මෙහිදී හෙළි විය.

මෙම තත්වය පිළිබද සිය දැඩි අප්‍රසාදය පළ කළ කෝප් සභාපතිවරයා  නිසි සුදුසුකම් සහිත පුද්ගලයන් පමණක් බදවා ගැනීමට කටයුතු කළ යුතු බව    අවධාරණය කළේය.  

එසේම දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුසුකම් මත පමණක් බදවා ගැනීම් සදහා ඉඩ සැලසීම පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලඥන්ගේ වගකීමක් බව කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු අවධාරණය කළහ.

මුදල් පනත සහ ලංකා වරායවල් පිළිබද අධිකාරිය පනත අනුව ඒකාබද්ධ අරමුදල වෙත ලාභාංශ හා අතිරික්ත මුදල් ලබා නොදීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.

2016 සිට 2021 දක්වා අධිකාරිය රු. මිලියන 69,686 ක් ලාභ ලබා තිබුණද භාණ්ඩාගාරයට ලබා දී ඇත්තේ රු. මිලියන 600ක් බවද මෙහිදී අනාවරණය විය. ඇතැම් ණය වාරික ගෙවීම, නඩත්තු කටයුතු සදහා විශාල මුදලක්ද වැය වන බව වරාය අධිකාරියේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

ලාභ ලබන ආයතනයක් ලෙස වරාය අධිකාරියේ කාර්ය භාරය අගය කරන බවත්  වරාය පනත අනුවද සියයට  8 ක ලාභයක් භාණ්ඩාගාරයට දිය යුතු බැවින් ඒ සදහා කටයුතු කරන ලෙස දැනුම් දෙන බවත්  කෝප් සභාපතිවරයා මෙහිදී පැවසුවේය.

වරාය නැගෙනහිර බහාළුම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සදහා දොඹකර මිලදී ගැනීමට වැඩ ආරම්භ කිරීමේ ප්‍රමාදය පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.  මෙහිදී වරාය අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මිලදී ගැනීම් කටයුතු 2024 වන විට නිම කරන්නට සැලසුම් කර ඇති බවයි.

එම කටයුතු කඩිනමින් සිදු කර  එම පර්යන්තය වාණිජ  කටයුතුවලට යොදා ගනිමින් ‍මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව අවධාරණය   කළේය.

අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී අවධාරණය කෙරිණ. 2022 වර්ෂයට අදාළ විගණන සැලැස්මද  එවන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය.

මෙම කෝප් කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  පාඨලී චම්පික රණවක,  රෝහිත අබේගුණවර්ධන,  මහින්දානන්ද අළුත්ගමගේ,  ජගත් පුෂ්පපකුමාර, ඉරාන් වික්‍රමරත්න,  ඉන්දික අනුරුද්ධ,  මධුර විතානගේ හා  ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන් ද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.



අදහස් (5)

වරායේ දූෂණ කෝප් කමිටුවේදී අතේ පත්තු වෙයි

susantha Thursday, 23 June 2022 05:10 PM

හොරුනේ ඉන්නේ මේ කමිටුවේ. චරිත මහත්තයා කොහොම මේ කමිටුව පවත්වාගෙන යනවාද මන්දා..? එතුමාට සම්මානයක් දෙන්න වටිනවා හොරු රැළක් පිරිවරාගෙන මේ කමිටුව මෙහෙම පවත්වාගෙන යන එකට...!

:       0       0

susantha Thursday, 23 June 2022 05:11 PM

ඔය වරායේ ඔහොම වංචා කරලා පගාගහපු එක පල් හොරෙකුත් ඔය කමිටුවේම ඉන්නවා නේද?

:       0       0

saman Thursday, 23 June 2022 06:31 PM

මොනවද මේ අය මේ රටට කරලා තියෙන්නේ?

:       0       0

Gamunu Thursday, 23 June 2022 07:26 PM

ශ්‍රී ලංකාවේ සමස්ත රජය ආයතන, දේශපාලකයින් රාජ්‍ය නිලධාරීන් කරන්නා වූ බිලියන ගණනක වංචා සහ දුෂණ කෝප් කමිටුවේදී හෙළිව මාධ්‍ය පළකරද්දී විදේශ ආධාර, ආයෝජන, විදේශ රටවල සහයෝගය රටේ සංවර්ධනයට ලැබේද? විදේශ ආධාර ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කළ යුතුව ඇත. රට තුළ බිලියන ගණනක දූෂණ වංචා අසීමිත ලෙස සිදුවන නිසාවෙන් IMF, WORLD BANK වැනි ආයතන ලංකාවට සහයෝගය ලබාදීමට කොන්දේසි ඉදිරිපත් කිරීම සිදුකර ඇත. ගෝලීය ආයතන සහ සංවර්ධිත රටවල් ලංකාවට සහයෝගය ලබාදීමට කොන්දේසි ඉදිරිපත් කිරීම නිසා සහ පාර්ලිමේන්තුව තුළ සිදුවන්නා වූ පහත් මට්ටමේ දේශපාලනය තුළ සහ පවතින කිසිඳු පක්ෂයක් රට වෙනුවෙන් දේශපාලනයේ එකඟත්වයන් නොමැති නිසාත්, පවතින ක්‍රමවේදය පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොමැති නිසා වෙනත් රටවල පුරවැසියන්ගේ බදු මුදල් UN, IMF, WORLD BANK, WHO මගින් දුප්පත් රටවලට ලබාදීමේදී එම පරිත්‍යාග හෝ ණය ආධාර පිළිබඳ විනිවිද බවක් නොමැති නිසාත් ලංකාව වැනි රටක් එම මුදල් කෝටි ගණනින් වංචා කර ඇතිනිසා රටම බංකොලොත්ව අකර්මණ්‍ය තත්වයට පත්ව පුරවැසියන් හට පෝලිම්වල ගත ගතකිරීමට සිදුව ඇත...

:       0       0

vinivida Thursday, 23 June 2022 11:22 PM

දුෂිත ඇමැතිවරුන්, අධිකරණයෙන් චෝදනා ලද ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් COPE කමිටුවේ සාමාජිකයන් වශයෙන් පත්කර දූෂිත රාජ්‍ය නිලධාරීන් COPE කමිටුව වෙත ගෙන්වා ප්‍රශ්න කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතා පරමාධිපත්‍යයට, රටේ නීතියට කරන්නා වූ අවමානය නවතා රටේ පුරවැසියන් වෙත දැනෙන පිළිගත හැකි විශ්වාසනීය පුදගලයන් COPE කමිටුවට පත් කරන්න. එසේ නොමැතිව දුෂිත ඇමතිවරුන්, අධිකරණයෙන් චෝදනා ලද ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් මෙවැනි කමිටුවකට සහභාගි වීම නිසා රටක ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍ය පමණක් නොව රටේ නීතිය ද අවමානයට ලක්ව ඇත. රටේ පුරවැසියන්ගේද COPE කමිටුවවේ බහුතර ඇමති, මන්ත්‍රීවරුන්ගේ නියෝජනය පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොමැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 11 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 380 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 154 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 645 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 731 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 516 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site