IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වරාය පරිපාලන ගැටලු විසඳන්න නියෝජ්‍ය ඇමති රුවන් එකඟ වෙයි

(යොහාන් භාසුර)

වරාය අධිකාරියේ පරිපාලනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවලට කඩනමින් විසඳුම් දීමට සහ කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඊට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පොරොන්දු වූ බව වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උදේනි කළුතන්ත්‍රි  මහතා පැවසීය.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ නියෝජිතයන් අතර වරාය බත්තරමුල්ල මගනැගුම පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසූ බව කළුතන්ත්‍රි මහතා කීය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය (ඊසීටී) සහ එම පර්යන්තයේ මාර්ගය සම්බන්ධයෙන් මේ වන විට උද්ගත වී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව සමාලෝචනය කරන්නේ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වෘත්තිය සමිති ඉදිරිපත් කර ගැටලුවලට ප්‍රතිචාර දැක්වූ ආකාරය වඩාත් සතුටුදායක මෙන්ම එවැනි පරිපාලකයන් සමග පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කළුතන්ත්‍රි මහතා කීය.

ශ්‍රී ලංකා වරායාධිකාරියේ වර්තමාන පරිපාලනය වරාය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ වරාය සභාපතිවරයා ඇතුළු බලධාරීන් නොමඟ යවා ඇති බව එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව කී කළුතන්ත්‍රි මහතා වරාය පරිපාලනය නැගෙනහිර බහාලුම්  පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු හිතාමතාම ප්‍රමාද කරන්නේ යැයි දැනුම්දුන් බවද ඒ මහතා සඳහන් කළේය.

ඊසීටී පර්යන්තයේ ඒකාබද්ධ සැලැස්ම සහ මාර්ගය සැලැස්ම වර්තමාන පරිපාලනය වෙනස් කිරීම නිසා එහි ඉදිකිරීම් ප්‍රමාදවීම, අමතරව දැවැන්ත වියදමක් දැරීමට සිදුවීම සහ මාර්ග සැලැස්ම වෙනස් කිරීම හේතුවෙන් අනාගතයේ විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවීම ආදී කරුණු අමාත්‍යවරයාට ඉදිරිපත් කළ බව කී කළුතන්ත්‍රි මහතා පැවසුවේ එම පර්යන්තය ලබන ජූලි මස විවෘත කළ හැකි බවට ජනාධිපතිවරයාට සහ අමාත්‍යවරයාට කර ඇති ප්‍රකාශය නොමඟ යැවීමක් බවත්ය.

නැගෙනහිර පර්යන්තයේ සහ එහි මාර්ගයේ ඉදිකිරීම්වල මේ වන විට පවතින තත්වය අනුව ඉදිකිරීම අවසන් කිරීමට අවම වශයෙන් තවත් මාස 16ක් පමණ ගතවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයාට ප්‍රකාශ කළ බවත් එම පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට අවශ්‍යය නම් ඒ සඳහා කළ යුතු පියවර ප්‍රකාශ කළ බවත් ඒ මහතා කීය.

වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනයේ බලපෑම මත වරායේ අධිකාරියේ වඩා සංවේදී අංශවල උසස් නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අත්තනෝමතිකව ස්ථාන මාරු කිරීම් හේතුවෙන් බොහෝ කොට්ඨාසවල ඵලදායීතාව අඩුවී ඇති බවත් වරාය අධිකාරිය 1979 වසරේ ආරම්භ කළ දිනයේ සිට ජ්‍යෙෂ්ඨතම ස්ථිර තනතුරක් වන කළමනාකාර අධ්‍යක්ෂ තනතුර ස්ථීර තනතුරු ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස බලධාරීන් දැනුවත් නොකර කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

නැගෙනහිර බහලූම් පර්යන්තයට අත්‍යවශ්‍යම උපකරණයක් වන  ීඑර්ාාකැ ක්‍්රරසැර මිලදීගැනීමට අදාල ටෙන්ඩරය වර්තමාන පරිපාලනය අවලංගු කිරීම නිසා නැවත ටෙන්ඩර් කිරීමට මාස හයක පමණ කාලයක් ගතවන බවත් එම ඇනවුමදී නිෂ්පාදනය කරගැනීමට තවත් මාස දහයක පමණ කාලයක් ගතවන්නේ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ බවත් ඔහු කීය.

වර්තමානයේ පවතින තත්වය අනුව කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේ වැඩ කටයුතු අවසන් කර විවෘත කිරීමට තවත් වසර එකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ බව වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උදේනි කළුතන්ත්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

වරාය පරිපාලන ගැටලු විසඳන්න නියෝජ්‍ය ඇමති රුවන් එකඟ වෙයි

යෝගා Wednesday, 19 February 2025 06:19 PM

ඇමැතිගේ අනුදැනුම නැතුව පරිපාලනය වැඩ කරන්නේ නෑ. ඔය අවුල් ගැන දැනුවත් කරන්න ඕනෑ ඇමැතිටයි, ජනාධිපතිටයි මිසක් නියෝජ්‍ය ඇමැති කබ්බෙක්ට නෙමෙයි. ජේවීපි ජුන්ටාව ඔය අලුත් මැති ඇමැතිලා කියන ඒවා සත පහකට මායිම් කරන්නෙත් නෑ. ඇමැති මගහරින්න ඇත්තේ ECT ය අල කරන්න හදන්නේ එයා දැනුවත්ව නිසා වෙන්න ඕනෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 835 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2478 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site