IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වරාය ඩිජිටල් කරන්න ජපන් සහය

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ  වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරිණි. 

ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීමට කටයුතු කර ඇති බව ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා මෙහිදී කියා සිටියේය.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා ජපානය, ස්විස්ටර්ලන්තය සහ දකුණු අප්‍රිකාව ඒකාබද්ධව සිදු කරන වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපතිවරයා විසින්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම්වත් කරනු ලැබීය.

ඩිජිටල් ආර්ථික සහ ගුවන්තොටුපල ආයෝජනයන්හි වර්තමාන තත්වය සහ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම නුදුරු දිනකදීම ජපානයේ නිල සංචාරයකට එක්වන ලෙසද ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇරයුම් කර සිටියේය.

ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ,  ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු උපදේශක අචාර්ය දුමින්ද හුලන්ගමුව, ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ ආර්ථික සංවර්ධන සහයෝගීතා අංශ ප්‍රධානී ඔහාෂි කෙන්ජි (Ohashi Kenji), ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ දේශපාලන අංශ ප්‍රධානී මුරතා ෂිනිචි (Murata Shinichi) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

වරාය ඩිජිටල් කරන්න ජපන් සහය

kamal Koyrala Thursday, 27 February 2025 03:31 PM

ඩිජිටල් කළ යුත්තේ නිශ්කාශන කටයුතු ගුදම් පරීක්ෂා බහාලුම් පරික්ෂණ සියල්ල ඉලෙක්ට්‍රෝනිකව පරික්ෂා කටයුතු සහ වටිනාකම් ආණ්ඩුවෙන් පේනවා

:       0       7

wije Friday, 28 February 2025 12:26 PM

ගරු ජනාධිපතිතුමනි, අත්වැල් බැඳගත යුතු නියම මිතුරු රටකි... ජපානය, ඉදිරියටම යන්න, ඔබට අපෙන් සුබ පැතුම්....!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 815 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2461 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1771 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site