IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වරායේ කෝටි 26ක පාඩුවක් ගැන වරාය ඇමතිට-බිමල්ට පැමිණිල්ලක්

(යොහාන් භාසුර)

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරකට ලක්කළේ යැයි කියන පාඩුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාඩුව අයකරගන්නා ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා, ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාට අද (15) පැමිණිල්ලක් බාරදුන්නේය.

අමාත්‍ය බිමල් රත්නායක මහතා චීනයේ සංචාරයකට සහභාගි වී සිටීම නිසා එම පැමිණිල්ල ඒ මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක් භාරගත්තාය.

වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ පුත්‍රයා සහභාගි වූ නැගෙනහිර මුහුදේ විනෝද චාරිකාවක් සඳහා අදාල නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාව සපයා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා එම චාරිකාවට නායකත්වය සපයා ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් කළ බව ද මහවත්ත මහතා කීය.

ජපානයෙන් ප්‍රදානය කළ නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් 2020 වසරේ පෞද්ගලික විනෝද චාරිකාවක නිතරව තිබියදී අනතුරකට ලක්වීමෙන් රුපියල් ලක්ෂ 200 කට අධික පාඩුවක් කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා රාජ්‍ය දේපළ අවභාවිතකිරීම උපදෙස්දීම සහ අලාභහානි කිරීමට යන චෝදනාවට නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහවත්ත මහතා එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.

මෙම යාත්‍රාව අලුත්වැඩියා කිරීමට වැයවූයේ යැයි කියන රුපියල් කෝටි දෙකට අධික මුදල ද මෙයට වගකිවයුතු පිරිසගෙන් අයකරගත යුතු බව කී මහවත්ත මහතා වරාය අධිකාරිය සතු යාත්‍රාවක් නීති විරෝධී ලෙස පෞද්ගලික ප්‍රයෝජනයට යොදාගැනීම, බලය පාවිච්චි කර අනතුර සැඟවීම සහ අනතුරෙන් වූ හානිය යථා තත්වයට පත්කිරීමට විශාල මුදලක් වැය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙහිදී ගණක හේමචන්ද්‍ර මහතාට එල්ල වන බව ද සඳහන් කළේය.

දූෂණයන්ට විරෝධය දැක්වූ වර්තමාන ආණ්ඩුව මෙවැනි චෝදනාවන් ඇති පුද්ගලයන් වරාය වැනි ආර්ථික මර්මස්ථානයක ප්‍රධානම තනතුරට පත්කිරීම පිළිබඳව ද අවදානය යොමු කළ යුතු බව කී මහවත්ත මහතා මෙවැනි පත්කිරීම් ද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට ඇතුළත් කර ක්ලීන් කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (3)

වරායේ කෝටි 26ක පාඩුවක් ගැන වරාය ඇමතිට-බිමල්ට පැමිණිල්ලක්

රම්බොඩ Wednesday, 15 January 2025 02:46 PM

මොන පක්ෂ උඩදාගෙන පම්පෝරි ගැහුවත් කරණකොට සියල්ලන්ගේ හැසීරීම් සමානයි. වැඩිපුර බොරු කියන කෙනා දිනන ගතියක් තමයි තියෙන්නේ...

:       7       28

ගුණරත්න Wednesday, 15 January 2025 05:12 PM

අනතුරෙන් වුණු හානිය පිළිසකර කරන්න කෝටි දෙකක මුදලක් වැය වුණා.. නම් කෝටි 26ක පාඩුවක් වුනේ කොහෙන්ද?...

:       2       5

ටෙලිපොන් බයියා Thursday, 16 January 2025 07:59 AM

දයාරත්නායක සජබෙට සහාය දුන් නිසා අපි මේව ගැන වැඩිපුර හොයන්නෙ නැහැ. රජයෙ කැමැත්තක් කරාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site