
(සුජිත් හේවාජුලිගේ)
පුරප්පාඩුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට සුදුස්සකු පත්කර ගැනීම සඳහා පුවත්පත්හි දැන්වීම් පළ කිරීමට තීරණය කර ඇත.
මෙම පුවත්පත් දැන්වීම් ඉදිරියේදී පළ කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරය දැරූ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වීමට නියමිතය.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එය පිළිගෙන ඇත.ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේ මැයි මස 25 වැනිදා විශ්‍රාම ලැබීය. ඔහු විශ්‍රාම ලැබීමෙන් පසු එවකට ආණ්ඩුවේ ආශිර්වාදයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට එම වර්ෂයේදීම පත් කෙරිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රටේ යහපාලනය වෙනුවෙන් පිහිටවනු ලැබූ ආයතනයකි. නීතිපති පොලිස්පති විනිශ්චකාරවරු ඇතුළු ඉහළම නිලධාරීන් පත් කිරීම අනුමත කෙරෙන්නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙනි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට හොඳ අයෙකු සොයයි
Janaka Paranamama Tuesday, 13 May 2025 04:10 PM
මම මෙම තනතුරට සුදුසුකම් නොදනිමි. නමුත් හිටපු ගරු මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් මහතා සුදුස්සෙක් විය හැක...