
(අංජුල මහික වීරරත්න)
විපක්ෂය කුමන්ත්‍රණ කරන්නේ ආණ්ඩුව එලවන්න නොව ආණ්ඩුව තියාගන්න යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කුමන්ත්‍රණයක් ගැන කතා කළ බව කී මන්ත්‍රීවරයා නමුත් එවැනි කිසිදු කුමන්ත්‍රණයක් විපක්ෂයේ නැතැයිද කීය.
වැඩ කරන්න පුළුවන් කියා ආවා නම් ඒ වැඩේ කරලා මිස යන්න දෙන්න බැරි බව කී මුජිබුර් රහුමාන් මහතා බාර ගත්ත දේ කරලා මිස ආපහු කොහේ යන්නදැයි ප්‍රශ්න කළේය.
විපක්ෂය කිසි විටෙක කකුලෙන් අදින්නේ නැතැයි ද මන්ත්‍රී ධුර 159කුත් ජනාධිපති ධුරයකුත් දුන් පසුවත් ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් කුමන්ත්‍රණ කතා කියමින් පොඩි ළමයෙක් වගේ අඬන්නේ ඇයි දැයි රහුමාන් මහතා ප්‍රශ්න කළේය.
කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බබා හින්දා ආණ්ඩුව කොහොම තිබුණත් ඩීප් ස්ටේට් එක තියෙනවා කියලා දන්නේ නෑ...
හිතේ දුකට කියන කතා. නගරාධිපතිකමට සිහින මැව්වා. කොළඹ බලය අල්ලන්ඩ ලොකු සටනක් දුන්නා. බැරිවුණා. නරියා මිදි තිත්තයි කිව්වාලු?
ප්‍රශ්නේ තිබෙන්නේ ආණ්ඩුවේ නොවේ නිලධාරී තන්ත්‍රය තුළ, ඒවගේ වැඩි කොටසක් ඉන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩු කාලේ බඳවා ගනු ලැබූ පුද්ගලයන්, ජනාධිපතිතුමා කීවා ඔවුන්ට වසරක කාලයක් දෙනවා හැදෙන්න කියලා, නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔවුන් ජනාධිපතිවරයා කියපු දෙය වැරදියට වටහාගෙන, ඔවුන් හිතලා තිබෙන්නේ වසරක් දෙනවා දූෂණ, වංචා කරලා හොඳ හම්බු කරගන්න කියලා...
ඇත්ත. මාලිමා ආණ්ඩුව අවුරුදු පහම ඉඳලා දුන්න පොරොන්දු කන්ද ඉෂ්ට කරන්න ඕන. නැත්නම් ඉතුරු ටික ජනතාව බලාගනියි.
කුමන්ත්‍රණ කෙරුවේ කොළඹ බලය සමගි ජන බලවේගයට කෙක්කෙන් හරි කොක්කෙන් හරි අරගන්ඩනේ....
රජයේ නිලධාරී මාලිමවට චන්දෙ දුන්නේ රජයේ ආයතන තුල තිබෙන මාලිමවට සම්බන්ධ වෘර්තිය සමිතිවල මෙහෙයවීම මත , එම නිසා ඔවුන්ට දූෂිත නිලධාරීන්ට විරුධව ක්‍රියාත්මක වෙන්න බැහැ ,
රජයේ නිලධාරීන්ගෙන් 80% අකාර්යක්ෂම දුෂිත නිලධාරීන් , වැඩි දුර යන්න ඕනේ නැහැ , පාර්ලිමේන්තුවේ සේවිකාවන් පවා ලිංගික හිංසනයට පත්වෙනවා , අහාර වලින් පවා කොමිස් ගහනව , පැට්‍රොල් ඩිසල් පවා හොරකම් කරනවා , වෙන කුමන්ත්‍රණ අවශ්‍ය නැහැ , ඔබතුම දිගින් දිගටම නිලධාරීන්ව හුරතල් කරමින් හිටියොත් අනිවාර්යයෙන් ගොටභය ජනාධිපති තුමාට වගේ ඔබටත් ෂොට් එක හම්බු වෙනවා ,