IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


වඳුරන්ට දොස් නොකියා වැඩ ටික කරන්න

 

(අංජුල මහික වීරරත්න)

වඳුරන්ටයි පැවති ආණ්ඩු වලටයි කෑ ගසමින් නොසිට ඡන්දෙට පෙර කියූ කතා ටික ක්‍රියාවෙන් කර පෙන්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

කරන්න බැරි නම් අසමත්කම පිළිගෙන වද දෙන්නේ නැතිව යන්නැයි වැඳලා ඉල්ලන බව කී විමල් වීරවංශ මහතා හොරු පාලනය කරද්දිවත් රටේ ලුණු නැති වුනේ නැති බව සඳහන් කළේය. 

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද කීය.

මේ අය අවුරුදු 75ක පාලනයක් ගැන කියා වෛරය වපුරා ගෙවල් ගිනි තබා බලය ලබා ගත්තා.ඒ කාලේ කතා කළේ පාර්ලිමේන්තුවට බස් එකේ එන්න.ඒත් බස් එකේ එන එකෙක් නම් අපිට කොහෙවත් හම්බවෙන්නේ නෑ.මේ අවුරුදු 75 ම රටේ මිනිස්සුන්ට කන්න ලුණු තිබුණා. මේ අය ඇවිත් මාස තුන හතරයි. කන්න ලුණුත් නෑ.පොල් හිඟ වෙනකොට පොල් සම්බෝල, පොල් කිරි කන්න එපා කිව්වා.ඊට පස්සේ බල්ලෝ කන ප්‍රමාණය මනින්න ඕන බව කිව්වා.ඊට පස්සේ රිලව් මත වරද පැටෙව්වා.ඊයේ විදුලිය විසන්ධි වීමේදී උදේ වග උත්තරකාරයා රිලවෙක් වුණා. සවස තිබුණු ආණ්ඩුව පිට වරද පැටෙව්වා.තිබුණු ආණ්ඩුවල හිටියේ රිලව්ද මං දන්නෙ නෑ යනුවෙන් විමල් වීරවංශ මහතා කීය.



අදහස් (29)

වඳුරන්ට දොස් නොකියා වැඩ ටික කරන්න

karolis Monday, 10 February 2025 03:43 PM

මේ වගේ කතන්දර මාස 6 යන්න කලින් අහන්න වෙයි කියල ඡන්දේ දීපු අයට හිතෙන්න නම් නැතුව ඇති

:       35       28

සුවාරිස් Monday, 10 February 2025 05:55 PM

ඒකනම් සහතිකම ඇත්ත කරෝලිස් අයියේ. ඒත් නගුල පස්සේ ගහගත්තු එවුන්ට ඩෝං ගිහිල්ලා කියලා පේනවනේ...

:       5       24

කාලතරණය කරපු එකාලා Monday, 10 February 2025 03:43 PM

අඩේ මේ කාලතරණය කරලා පුනුරුත්පත්තියට ආපු කෙනා නේද? ආයෙත් අලුත් පාස්පෝට් එකක් ගන්න වගේ හදන්නේ .මාවරමණ්ඩියේ කඩෙන් කෝටිපතියෙක් වෙච්චි හැටි හෙව්වානං පහුගිය අවුරුදු 76ක ඉතිහාසය පෙනේවි

:       10       41

Mahajanathawa Monday, 10 February 2025 03:52 PM

අපි දන්නෙත් නෑ , මේකට උපදේශක කමකුත් දීලා...

:       4       26

dileepa1986 Monday, 10 February 2025 03:59 PM

පනික්කියා නාලෙකින්

:       8       32

Neel Monday, 10 February 2025 04:09 PM

අනේ විමල් වීරවංශ ඔයාට කිසිම සදාචාරාත්මක අයිතියත් නැහැ. මේ වගේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න ඔයා අන්ත දූෂිත දේශපාලන පක්‍ෂ එක්ක වැඩ කරලා කරුණාකර නිහඬව ඉන්න.

:       11       45

පිටරටවැසියා Monday, 10 February 2025 04:16 PM

රටේ ජනතාව ගහල පන්නපු එකෙක් වැඳලා ඉල්ලන්නේ මොකද කියල බැලුවා. රට කාපු හැතිකරෙන් කෙනෙක්..

:       9       28

පුරවැසියා Monday, 10 February 2025 04:57 PM

රටම ගිනි තියන හනුමන්තා...

:       5       25

සාලිය Monday, 10 February 2025 05:18 PM

වීරවංශලා කරපු හරිය තමා මේ කාලවේලා තියෙන්නේ...

:       6       25

Duminda Udayakumara Monday, 10 February 2025 05:26 PM

මෙයා ලයිට් යනකල් ඉඳලා තියෙන්නේ... මාධ්‍ය හමුව තියන්න.

:       1       21

m. saman perera Monday, 10 February 2025 05:34 PM

සත 5කට වැඩක් නැති දේශපාලුවෙක් නිකන් කහිනවා.

:       2       19

සෙනෙවිරත්න Monday, 10 February 2025 05:37 PM

මෙන්න බොලේ වංචා නිසා පක්ෂයෙන් පන්නපු එකෙක් උපදෙස් දෙනවා.. වඳුරන්ගෙන් විදුලි උපපොළවල් රැකගන්න ක්‍රමයක් නැති එක තැනක වරදක් වුණාම නොරිච්චෝලේ අක්‍රීය වන විදියට අටවපු ආණ්ඩුවල ලැගලා වෙච්චි දේ හරියට කීවාම ඒකට සමච්චල් කරනවා. පුළුවන් නම් ඕක පාරට බැහැලා කියන්නකෝ ජනතාවගේ ප්‍රතිචාර බලන්න.

:       6       17

ජිල්බු Monday, 10 February 2025 05:47 PM

ඡන්දෙවත් ඉල්ලන්න කොන්ද නැති රිලවෙක්, වඳුරු කතා කියනකොට අර ඉබ්බො දෙන්න එක්ක අහසින් යන්න ගිය කොකාගේ කතාව මතක්වෙනවා.

:       3       17

පොඩිඑකා Monday, 10 February 2025 05:47 PM

අනේ යන්න චිම්පන්සියෝ යන්න...!

:       3       14

ලක්විදු Monday, 10 February 2025 05:49 PM

ලුණු නැති වුනේ ඇයි කියලා රටම දන්නවා. මේ මන්ද බුද්ධිකයා දන්නේ නෑ...

:       5       19

Asela Monday, 10 February 2025 05:50 PM

NPP හෝ JVP වහලුන් JVP නායකත්වය විසින් ආකර්ෂණය කර හෝ රැවටීමට ලක් කර තිබුණේ වෙනත් කිසිදු ව්‍යාජ ක්‍රියාවකින් නොව සම්පූර්ණ අසත්‍ය හෝ කතා කරන විකාර මගිනි. මේ ට්‍රෙන්ඩ් එක තමිල්නාඩු සුපර් ස්ටාර් එකට සමානයි. ඔවුන් එහි නළු නිළියන්ට වඳිනවා. එලෙසම, NPP හෝ JVP පරම්පරාගත වහලුන් සෑම ජරාවක්ම විශ්වාස කරන අතර ඇත්ත වශයෙන්ම ඔවුන් තම නායකත්වයෙන් කියන සියලුම ජරාව අනුභව කරති. ඒ නිසාම ඔවුන් ඒ පුද්ගලයාගේ කතාවට අනුව යනවා මිස අන් අය කියන දේ ගැන සොයා බලන්නේ නැහැ. ඒකයි ලංකාවේ වහල්ලු NPP එකට ඡන්දේ දුන්නේ. විමල් කුහකයෙක්ද නැත්නම් විවේචකයෝද යන්න වෙන දෙයක් මිස NPP ගැලවුම්කරුවන් නිතරම ඔහුගේ වැරැදි සොයනවා මිස ඔහු කියන දේ ගැන අවබෝධයක් නොදක්වයි. ඒකයි අපි කියන්නේ JVP එක ජාතියේ පරම්පරාගත වහල්ලු කියලා...

:       14       15

randil dunuwilleTuesday, 11 February 2025 10:41 AM

රාජපක්ෂගේ තඩි වහල් තඩියෙක් කතා කරනවා

:       0       2

ප්‍රියන්ත Monday, 10 February 2025 06:22 PM

ජාතික නිදහස් පෙරමූණ... හි හි හි...!

:       4       17

Nandana Monday, 10 February 2025 06:34 PM

වඳුරන් ගැන රිළවෙක් කතා කරයි.

:       4       19

චතුරි Monday, 10 February 2025 06:43 PM

වඳුරා කෙසේවෙතත් මේ හැලි වඳුරෝ රටට කරපු අපරාධ අමතක වෙලා කියලා හිතන් ඇති ලෑස්ති වෙලා ඉන්න එක එකාව එළියට අරන් කුඩු කරන කම් අවුරුදු 75 ක් හොරාකාපුවා හදන්න මාස තුනෙන් බැහැ. වඳුරෝ මතකද අන්දරේ රජ්ජුරුවන්ගේ කකුල් ලෙවකමින් මෝඩ බේබිලාත් එක්ක හෙලිකොප්ටර් එකෙන් ලංකාව වටේ ගිය ඒවා ඒ ජනතාවගේ මුදල්, පාස්පෝට් දෙකයි... ඒක කැරොල් කරත්තයක් වගේ දෙහිවල ඉන්නවා. මෙයාගේ රියැදුරෙක් රජයේ වාහන හැමදාම එයාගේ ගෙදර කාගේද? ඒ මුදල් ජනතාවගේ දුවයි, පුතයි නටන නැටුම් අමතකද? දැන් ඔය හදාගන ඉන්න ගෙදර ඔය තරම් විසාලෙට කාගෙද? ඒ මුදල් මේ හැලි වඳුරා මාව දන්නේ නැහැ. නමුත් මෙයාව මම හොඳට දන්නවා. නූගත් ඇමැති කටවහගෙන හිරේට යන්න ලෑස්ති වෙන්න.

:       5       16

Banda Monday, 10 February 2025 06:58 PM

මේ කතා කරන්නේ වඳුරු නායකයා...

:       3       15

යෝගා Monday, 10 February 2025 07:38 PM

විමල්ට ඩෝබිලා කොච්චර බයද කියලා මෙහි අදහස් වලින් පේනවා. මුලු ලොන්ඩරියම කලබල වෙලා !!!

:       15       10

ලක්විදුMonday, 10 February 2025 08:27 PM

රට කාපු බයියලාගේ අසූචි දිවෙන් හෝදන ඩෝබි තමා යෝගා…!

:       0       5

හේනෙමාමාMonday, 10 February 2025 10:41 PM

අප්පෝ…, බය නේන්නං. ඔය වර්චස් පිඩ ගෑවිල ආවොත් හෝදන්න සබං ලොරියක් තිබුනත් මදි…!

:       0       0

රුවන් Monday, 10 February 2025 08:23 PM

වීරවංශ මහතායෝ වැදලා කියන්නම් හිඟ මුදල් ටික ඉක්මනට විදුලි බල මණ්ඩලයට ගෙවලා ඉන්න. ඊට පස්සෙ බැරියැයි බනින්න. අවුරුදු 15කම විදුලි බිල ගෙවලා නෑ, එනවා මාධ්‍ය සන්දර්ශන දාන්න. ඉස්සර අපේ සීයාගෙන් තමයි කලා ඇදලා හිටියේ. පාර්ලිමේන්තුවට ආපු කාලෙත් ණය ගත්තා. අද වෙනතුරු ගෙව්වේ නෑ

:       0       4

මැම්බර් Monday, 10 February 2025 08:30 PM

අපේ ගමේ සුභසාධක සමිතියේ ඉන්නවා මෙයාගෙ පෙරමුණට වඩා සාමාජිකයෝ.

:       3       11

අරවින්ද මොණරවිල Tuesday, 11 February 2025 10:33 AM

ඔබ කියන කොට දීලා යන්න තමයි අපි මේ ආණ්ඩුව පත් කෙරුවේ, නිකම් තප්පුලන්නේ නැතිව හිටු පරයා. පවුලේ එවුන් එක්ක රටේ මහජන දේපොළ හෙර කෑව පල් හොරා මැද මුලන වලව්වේ පිලිකන්නේ ඉදුල් හෝදන එවුන්ට ඕන විදිහට වැඩ කරන්න අපි ආණ්ඩුව පත් කෙරුවේ නැහැ බං.

:       0       1

මරදානෙ චොප්පෙ Tuesday, 11 February 2025 11:56 AM

ගෑනි වරදකරුවෙලා සිරදඩුවම් නියමවෙලා ඇපිල් කරලා ඇපපිට ගෙදර, මේකාටත් නඩු කෝටියයි, දුවයි ගෑනියි ඉන්න ගෙදර, මහ රෑ කොල්ලෙක් මැරෙනව ගෙදර, - මුන්දැ දන්නෙ නැහැ. එහෙව් එකෙක් එනව මෙතන ප්‍රකාශ නිකුත්කරන්න.

:       0       0

Bamunuarachci Tuesday, 11 February 2025 03:38 PM

විමල් කියන දෙය හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 81 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 574 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 821 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1963 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1837 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 130 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1244 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1519 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site