IMG-LOGO

වන සතුන් ලක්ෂ පහක් අධිවේගියේදී එළොව ගිහින්

(සුජිත් හේවාජුලිගේ )

පක්ෂීන් ඇතුළු  විවිධ වන සතුන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක්   අධිවෙිගි මාර්ග මතදී වාහනවල හැපීමෙන්  සහ වාහන හේතුවෙන් ඇතිවූ  පරිසර දුෂණ බලපෑම්  හේතුවෙන්  පසුගිය කාලය පුරා මරුමුවට පත්ව ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවූ බව පරිසර සංවිධාන පවසයි.

මොනරුන් පමණක් දහසකට වැඩි සංඛ්‍යාවක් අධිවේගී මාර්ග මතදී වාහනවල හැපීමෙන් සහ එම  වාහන මගින් ඇති කළ  පරිසර දූෂණ බලපෑම් නිසා  මරුමුවට  පත්ව ඇතැයි  පරිසර සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ  අධිවේගී මාර්ගවලදී යම් යම් වන සතුන්ට ගැටලු මතුවන බව තමා  පිළිගන්නා බවයි.

පක්ෂීන් ඇතුළු විවිධ වන සතුන් ප්‍රිය කරන ගස් කොළන් අධිවේගී මාර්ග දෙපස  වැවීම නොකරන ලෙසට උපදෙස්දී ඇත්තේ   මේ තත්වය සැලකිල්ලට ගෙන බව පවසන  අදහස් ජනරාල්වරයා අධිවේගී මාර්ග ආරම්භ කළ කාලයට සාපේක්ෂව වන සතුන්ට වන හානි මේ වනවිට බෙහෙවින් අඩුවී ඇති බවයි.

අධිවේගී මාර්ග බලධාරීන්  වන සතුන් ආකර්ෂණය වන  ගස් කොළන් මාර්ග දෙපස වැවීමෙන් වැළකී සිටීමට දැනටමත් පියවර ගෙන ඇතැයිද  විශේෂයෙන් මොනරුන් සුලබව  සිටින ප්‍රදේශවල ඒ සම්බන්ධයෙන්  දැනුම්දීමට අධිවේගී මාර්ගවල  දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කැර ඇතැයිද   ඔහු වැඩිදුරටත් කීවේය

සමහර  වන සතුන් අධිවේගී මාර්ග මතදී ඇතිවන බලපෑම හේතුවෙන්  මරුමුවට පත්ව  සිටියදී සොයා ගැනුණේ  එම මාර්ගවලට  පිටත විවිධ  ස්ථානවල වැටී සිටියදී බව පරිසරවේදීහු ප්‍රකාශ කරති.



අදහස් (16)

වන සතුන් ලක්ෂ පහක් අධිවේගියේදී එළොව ගිහින්

Dammi Saturday, 22 January 2022 01:20 PM

ඒවායේ විපාක තමයි මේ එන්නේ...

:       7       21

uk ran Saturday, 22 January 2022 02:22 PM

ඔය සංවිධාන පරිසරයට ඊට වඩා හානිකරනවා. එය සංවිධාන හදාගෙන එයාලගේ බඩ පුරවගන්නවා. නැතිව සත්තුන්ට ආදරේට හදපු ඒවා නෙවෙයි ඕවා.

:       12       32

යෝගා Saturday, 22 January 2022 03:01 PM

එහෙනම් ඔය පරිසරවේදීන් අධිවේගී මාර්ගවල යන්න එපා. සත්තු කීපදෙනෙක්වත් බේරෙයිනේ...

:       12       16

නන්දසේන gr Sunday, 23 January 2022 07:46 AM

ගොන් කතා කියන්න එපා. ඒ මිනිස්සු නොහිටින්න මේ වෙනකොට සත්තු ලක්ෂ ගානක් පරලොව ගිහින්.

:       1       12

Kumar (Gulf) Sunday, 23 January 2022 02:10 AM

ලාබෙට හයිවේ හැදුවම මෙහෙම තමා.

:       8       6

Fernando Sunday, 23 January 2022 02:16 AM

වනසතුන් ගැවසෙන බවට අධිවේගී මාර්ගයේ දැන්වීම් පුවරු ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද

:       5       4

Nimal fernando Monday, 24 January 2022 02:16 PM

සතුන් අධිවේගී මාර්ගයට එන එක නවත්වන්න ක්‍රමයක් නැද්ද?

:       0       2

Raveen nishshanka Monday, 24 January 2022 02:19 PM

මම 3 න දෙනෙකුගේ පමණ ජීවිත ආරක්ෂා කළා මගේ ජීවිතය ගැන නොසිතා

:       0       2

Chandana liyanage Monday, 24 January 2022 02:22 PM

මැරෙන්න ඉන්න එකා ඉඳලා ඉඳලා වේගයෙන් එන ලොරියක් එද්දීම පාර මාරු වෙනවා...

:       0       1

Hiruni ranawaka Monday, 24 January 2022 02:22 PM

සතුන් සිය දිවි නසා ගන්නවා වෙන්න බැරිද?

:       0       1

Sajith kannangara Monday, 24 January 2022 02:22 PM

සතුන්ගේ භූමිය නැතිකර මාර්ග සෑදීමේ ප්‍රතිඵල

:       0       2

Shamara wijekoon Monday, 24 January 2022 02:27 PM

තව ඉදිරියට අධිවේගයේ රිය අනතරු බහුල වෙනවා.මාර්ගය දැන් අබලන් වෙමින් පවතිනවා

:       0       1

69 වහල්ලු Monday, 24 January 2022 02:46 PM

අපේ සර්ට තව අවුරුදු දෙකක් දීර්ඝ කරලා දෙන්න කියන්නේ මෙන්න මේ නිසයි .මේවාට සර් ගාව විසඳුම් තිබුනත් ඒවා ක්‍රියාවට නංවන්න මේ අවුරුදු 3 න මදි

:       1       1

Shamara wijekoon Monday, 24 January 2022 02:47 PM

කුණුහරප කියව කියව ඉන්නේ නැතුව මේකට විසඳුම් ඉදිරිපත් කළා නම් කොච්චර වටිනවද.මේ ජීවිත බේරා ගන්න

:       0       1

Sajith kannangara Monday, 24 January 2022 02:47 PM

පවු දෙවියනේ

:       0       2

Hiruni ranawaka Monday, 24 January 2022 02:48 PM

කතරගම දෙවියන්ට පුජාවක් තිබ්බොත් මේ සත්තුන්ට ආරක්ෂාව ලබා දෙන්න කියලා.මරණ අඩු වෙයිද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site