IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


වන අලි ඇතුන් සංහාරයට කොළඹ විරෝධයක්

(යොහාන් භාසුර)

නිති විරෝධී ගිනිඅවි, හක්කපටස්, උගුල් සහ මාරක විදුලි රැහැන් හේතුවෙන් වන අලි ඇතුන් මරණයට පත්වීමට බලධාරීන්ගේ අවදානයේ යොමු කිරීමේ අරමුණින් පරිසර සංවිධාන එකමුතුව ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (30) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ.

‘ඔවුන්ට හඩක් නෑ, අපි ඔවුන්ගේ හඩ වෙමු’ යන තේමාව යටතේ මෙම විරෝධතාව පැවැති අතර විරෝධතාකරුවෝ කොළඹ ගාලුමුවදොර හෝටලය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පෙළපාළියකින් පැමිණියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (9)

වන අලි ඇතුන් සංහාරයට කොළඹ විරෝධයක්

ප්‍රේමතිලක මාවැල්ල Wednesday, 30 July 2025 08:47 PM

ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම සංචාඉරක නිකේතනය ලෙස ලෝක ප්‍රවෘත්ති වලින් නිවේදනය කර ඇත. විදේශ සංචාරකයන් අපගේ ආර්ථිකයට ඉතා ශක්තිමත් කර ඇත. ලංකාවට එන සංචාරකයින්ගේ 72% එන්නේ අලි බැලීමටයි. අපිට රුපියල් බිලියන 1,500 ක් ලැබෙන්නේ ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයෙන්ය. එය වාර්ෂික ආදායමෙන් 38% කි. 2024, ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම දළ වශයෙන් රුපියල් බිලියන 4,000.ඒ අනුව මේ ජීවත්වන අලි, අලි ඇතුන් අපට රුපියල් බිලියන 1,080 (1500/72) ක මුදලක්, කැලේ අතු, තණකොළ ආහාරයට ගෙන, උපයා දී ඇත. අපි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නේ, එම ආදායමෙනි. සංචාරක ව්‍යාපාරයට ඉමහත් විනාශයක් ගෙන දෙන්නේ, යම් පිරිසක් අලි ඇතුන් ක්‍රමයෙන් විනාශ කිරීමයි. සංවිධානාත්මක පිරිසක්, අලින්ගේ පාරම්පරික නිජ භූමි ආක්‍රමණය කර, එයින් නොනැවතී, අලි මංකඩවල් 20 ට වඩා වසා දමා, පසුගිය වර්ෂ 6 තුළ අලි ඇතුන් 2,753 දැනට ඝාතනය කර ඇත. මොවුන්ට තුවක්කු 14,000 ක් පමණ නිකුත් කර ඇත. ඊට අමතරව විදුලි රැහැන් ඇද, විදුලි වැටවල් ඉදිකර, අලින් මරා දමයි. ඇත්ත වශයෙන්ම විදුලි වැටවල් ඉදිකළ යුත්තේ, මිනිසුන්ගෙන් අලි බේරාගැනීමටය.

:       1       1

Perakum LiyanagamaThursday, 31 July 2025 03:39 PM

සංචාරකයින් 72% ක් ලංකාවට එන්නේ අලි බලන්නලු. මොන බොරුවක්ද? අලි බලන්න යන්නේ අප්‍රිකාවටනේ. ප්‍රශ්නය දිහා හරියට බලලා නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. අවාසනාවට කාටවත් උවමනාවක් නැතිකම... දන්න අය ඉන්නවා විශේෂයෙන්ම වන ජීවියේ... ඒත් ඒ ගොල්ලෝ නිහඬ ඇයි කියලා හිතාගන්න බෑ...

:       1       1

Tissa Wednesday, 30 July 2025 09:24 PM

නිකම් කොළඹට වෙලා බෝඩ් කෑලී උස්සගෙන බොරු උද්ගෝෂණ කරන්නේ නැතුව, පුළුවන් නම් වන්නියේ තියෙන හේනක් වල් අලින්ගෙන් බේරලා දීපල්ලා.

:       1       1

Para Wednesday, 30 July 2025 09:43 PM

ඔය පෙළපාලි යන මිනිස්සු හිතන්නෙ අලි ගැන විතරයි අලින්ගෙන් බැටකන අහිංසක මිනිස්සු ගැන අනුකම්පාවක් නැද්ද? ඔය කවුරුවත් අලි මිනිස් ගැටුමට පිළියමක් යෝජනා කරවද? අලින්ට ගම බාර දීලා ගමේ මිනිස්සු එයාලගෙ ගෙවල්වලට ගන්නවද?. අලි ගහණය වැඩිවෙනවා මිනිස් ගහණයත් වැඩිවෙනවා ඒත් වන ගහණය වැඩිවෙනවාද? ප්‍රමුඛත්වය දිය යුත්තෙ කාටද?

:       2       1

Perakum LiyanagamaThursday, 31 July 2025 02:32 PM

Para මෙතැන තියෙන්නේ ප්‍රමඛත්වය පිළිබඳ ගැටළුවක් නොවේ... වෙනත් රටවල වන සත්ව ගහනය පාලනය කිරීමට සතුන්ගේ උපත් පාලන ක්‍රියාමාර්ග ගන්නවා... අපි ඒ ගැන හිතලාවත් නෑ. පාලනයකින් තොරව සත්ව ගහණය වැඩිවෙනකොට මිනිස්සු කොහේ යන්නද රජය මීට වඩා විද්‍යාත්මකව මේ ප්‍රශ්නය දිහා බැලිය යුතුයි...

:       0       2

kasun Thursday, 31 July 2025 04:58 AM

අලි මැරෙන එක පව්. හැබැයි මූන් අලි එක්ක විඳින දුකක් නෑ නේ. මූන්ව ගිහින් දාන්න ඕන ඔය අලි එන ගම්මාන වලට. තුවාලේ තියෙන එකානේ අමාරුව දන්නෙ. මුන් මෙතන කොහෙන් හරි එන සල්ලි වලට කැගහනවා පාරට බැහැලා . මුන්ව නෙරපන්න ඕන මුලින්ම රටින්.

:       2       4

Fahmi Thursday, 31 July 2025 06:49 AM

විහිලු වැඩ

:       2       1

Bunny Preena Thursday, 31 July 2025 10:01 AM

අපේ රටේ උද්ඝෝෂණ හරියට වාරෙට හැදෙන රඹුටන් වගෙයි. ඇත්තටම අවංකවම අලි, ඇතුන් ඇතුළු වන සත්තුන්ගේ ජීවිත සම්බන්ධව ආදරයක්, අනුකම්පාවක් තියනවානම් මාසයකට සැරයකවත් මේ උද්ඝෝෂණ හෝ විරෝධතා පැවැත්විය යුතුයි.

:       0       2

Jayasekara Thursday, 31 July 2025 10:04 AM

පොඩ්ඩක් ඔය නොනලා මහත්මයලා සන්ග්ලාස් ගලවාලා... ඔය කියන පැත්තේ ටිකක් රෑකට ගිහිල්ලා බලලාම ඕක කරානම් දෙපැත්තටම හොඳයි, අලි මරන්න කියනව නෙවෙයි... හැමදේකටම ප්‍රායෝගික වෙන්න ඕන.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1618 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site