
(යොහාන් භාසුර)
නිති විරෝධී ගිනිඅවි, හක්කපටස්, උගුල් සහ මාරක විදුලි රැහැන් හේතුවෙන් වන අලි ඇතුන් මරණයට පත්වීමට බලධාරීන්ගේ අවදානයේ යොමු කිරීමේ අරමුණින් පරිසර සංවිධාන එකමුතුව ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (30) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ.
‘ඔවුන්ට හඩක් නෑ, අපි ඔවුන්ගේ හඩ වෙමු’ යන තේමාව යටතේ මෙම විරෝධතාව පැවැති අතර විරෝධතාකරුවෝ කොළඹ ගාලුමුවදොර හෝටලය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පෙළපාළියකින් පැමිණියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම සංචාඉරක නිකේතනය ලෙස ලෝක ප්‍රවෘත්ති වලින් නිවේදනය කර ඇත. විදේශ සංචාරකයන් අපගේ ආර්ථිකයට ඉතා ශක්තිමත් කර ඇත. ලංකාවට එන සංචාරකයින්ගේ 72% එන්නේ අලි බැලීමටයි. අපිට රුපියල් බිලියන 1,500 ක් ලැබෙන්නේ ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයෙන්ය. එය වාර්ෂික ආදායමෙන් 38% කි. 2024, ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම දළ වශයෙන් රුපියල් බිලියන 4,000.ඒ අනුව මේ ජීවත්වන අලි, අලි ඇතුන් අපට රුපියල් බිලියන 1,080 (1500/72) ක මුදලක්, කැලේ අතු, තණකොළ ආහාරයට ගෙන, උපයා දී ඇත. අපි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නේ, එම ආදායමෙනි. සංචාරක ව්‍යාපාරයට ඉමහත් විනාශයක් ගෙන දෙන්නේ, යම් පිරිසක් අලි ඇතුන් ක්‍රමයෙන් විනාශ කිරීමයි. සංවිධානාත්මක පිරිසක්, අලින්ගේ පාරම්පරික නිජ භූමි ආක්‍රමණය කර, එයින් නොනැවතී, අලි මංකඩවල් 20 ට වඩා වසා දමා, පසුගිය වර්ෂ 6 තුළ අලි ඇතුන් 2,753 දැනට ඝාතනය කර ඇත. මොවුන්ට තුවක්කු 14,000 ක් පමණ නිකුත් කර ඇත. ඊට අමතරව විදුලි රැහැන් ඇද, විදුලි වැටවල් ඉදිකර, අලින් මරා දමයි. ඇත්ත වශයෙන්ම විදුලි වැටවල් ඉදිකළ යුත්තේ, මිනිසුන්ගෙන් අලි බේරාගැනීමටය.
නිකම් කොළඹට වෙලා බෝඩ් කෑලී උස්සගෙන බොරු උද්ගෝෂණ කරන්නේ නැතුව, පුළුවන් නම් වන්නියේ තියෙන හේනක් වල් අලින්ගෙන් බේරලා දීපල්ලා.
ඔය පෙළපාලි යන මිනිස්සු හිතන්නෙ අලි ගැන විතරයි අලින්ගෙන් බැටකන අහිංසක මිනිස්සු ගැන අනුකම්පාවක් නැද්ද? ඔය කවුරුවත් අලි මිනිස් ගැටුමට පිළියමක් යෝජනා කරවද? අලින්ට ගම බාර දීලා ගමේ මිනිස්සු එයාලගෙ ගෙවල්වලට ගන්නවද?. අලි ගහණය වැඩිවෙනවා මිනිස් ගහණයත් වැඩිවෙනවා ඒත් වන ගහණය වැඩිවෙනවාද? ප්‍රමුඛත්වය දිය යුත්තෙ කාටද?
අලි මැරෙන එක පව්. හැබැයි මූන් අලි එක්ක විඳින දුකක් නෑ නේ. මූන්ව ගිහින් දාන්න ඕන ඔය අලි එන ගම්මාන වලට. තුවාලේ තියෙන එකානේ අමාරුව දන්නෙ. මුන් මෙතන කොහෙන් හරි එන සල්ලි වලට කැගහනවා පාරට බැහැලා . මුන්ව නෙරපන්න ඕන මුලින්ම රටින්.
විහිලු වැඩ
අපේ රටේ උද්ඝෝෂණ හරියට වාරෙට හැදෙන රඹුටන් වගෙයි. ඇත්තටම අවංකවම අලි, ඇතුන් ඇතුළු වන සත්තුන්ගේ ජීවිත සම්බන්ධව ආදරයක්, අනුකම්පාවක් තියනවානම් මාසයකට සැරයකවත් මේ උද්ඝෝෂණ හෝ විරෝධතා පැවැත්විය යුතුයි.
පොඩ්ඩක් ඔය නොනලා මහත්මයලා සන්ග්ලාස් ගලවාලා... ඔය කියන පැත්තේ ටිකක් රෑකට ගිහිල්ලා බලලාම ඕක කරානම් දෙපැත්තටම හොඳයි, අලි මරන්න කියනව නෙවෙයි... හැමදේකටම ප්‍රායෝගික වෙන්න ඕන.