
(චාපා මධුභාෂිණී)
මින්නේරිය , මිනිහිරිගම කඩ කාමරයක බිත්තියක් වන අලියකු පෙරැළීමෙන් කඩකාමරයේ නිදා සිටි කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
බිත්තියට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එන්. මේරි මාග්‍රට් පෙරේරා නමැති 64 හැවිරිදි දෙදෙරු මවකි. මෙම කාන්තාව සිය නිවස යාබද කඩ කාමරය තුළ නිදා සිටියදී අද(18) අලුයම මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබේ.
බිත්තිය ඇඟ මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ ඇය හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරසරන වල් අලි රාත්‍රී කාලයේදී ගම්මානය හරහා මින්නේරිය යුද හමුදා කදවුරට පිවිස ඒහි ඉතිරිවන ආහාර කෑමට පුරුදුවී සිටින බව ගම්වාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි රටේ අලි සංගණනය කරමින් සිටිමු.