IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වීදි දරුවන්ට ’’මාසෙ පඩියක්’’

(අංජුල මහික වීරරත්න)

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000 ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025-06-16 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව, 'අර්ථ' ලෙස නම් කරනු ලැබ ඇති එකී වැඩසටහනේ ප්‍රතිලාභ ලබා දීම 2025 ජුලි මාසයේ සිට ආරම්භ කර තිබේ. 'අර්ථ ' වැඩසටහන සඳහා 2025 වසරට වෙන්ව ඇති රුපියල් මිලියන 1,000ක් ප්‍රතිපාදන ප්‍රමාණය දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් යොදා ගත හැකි වන අයුරින් 2025 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි එකී ප්‍රතිලාභය ලබා දීමට හැකියාව පවතින බව පෙනී ගොස් ඇත. 

ඒ අනුව, 'අර්ථ ' වැඩසටහනේ ප්‍රතිලාභ හිමි ගැන්වීම ආරම්භ වන දිනය 2025-01-01 දින ලෙස සැලකීමටත්, එදින සිට හිමි හිඟ ප්‍රතිලාභ දරුවන්ගේ ගිණුම් වලට බැර කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

 



අදහස් (5)

වීදි දරුවන්ට ’’මාසෙ පඩියක්’’

eresh S kumara Tuesday, 23 September 2025 02:15 PM

සුපිරි වැඩක්.. ඇත්තටම අගය කළ යුතුයි. මෙච්චර කාලයකට කරලා නෑ මේවගේ වැඩක්...

:       1       11

ගුණරත්නWednesday, 24 September 2025 08:55 AM

මෝඩ යක්කු, පඩි ගෙවනවා කියන්නේ අපචාරවලට දොර අරිනවා වගේ, ඔය වීදි දරුවන්ට නිකම් සල්ලි දුන්නම උන්ට ඒවාට කරන්නේ මොකක්ද කියල තේරුමක් නැහැ. ඉතින් මත්ද්‍රව්‍ය හෝ වෙනත් හානිකර දේ සඳහා යොදවනවා. කරන්න තියෙන්නේ ඔය බූරු වැඩේ නවත්තල ඒ පොඩි උන්රජයේ භාරයට අරන් උගන්වන එක. ඒ වියදම් රජය දරන එක. එහෙම නැතිව ඉඳා වියදමට සල්ලි කියල සල්ලි විසික් කරන එක නෙවේ.

:       3       1

TS Tuesday, 23 September 2025 02:58 PM

අපි තව ටැක්ස් ගෙවන්නම්.

:       6       7

samanWednesday, 24 September 2025 11:48 AM

නැතුව ගෙවන්න ඕනේ, ඔබේ ලමයි එක්කෙනෙක් දෙන්නෙක් ඇති ඔය ලිස්ට් එකේ . ඒ හන්දා ඩබල් ගෙවන්න

:       1       1

රනේ Tuesday, 23 September 2025 03:44 PM

හොඳම හොඳ සද් ක්‍රියාවක්..!

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site