IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විදේශ ගමන් බලපත්‍රයකට අමතර රුපියල් 450ක් ගෙවන්න වෙලා

(යොහාන් භාසුර)

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම  ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල් 450 ක් අමතර ගාස්තුවක් ගෙවීමට සිදුව තිබෙන්නේ යැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතාට ජාතික වෘත්තිය, ව්‍යාපාර හා සිවිල්  සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව මහතා අද (6) පැමිණිළි කළේය.

ආගමන විගමන දෙපාර්තුමේන්තුව සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය ක්‍රියාත්මක කිරීමට සැරසුණු  ‘ඊ පාස්පෝට්’ ක්‍රමවේදය අධිකරණමය කටයුත්ත හේතුවෙන් අත්හිටුවීමෙන් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය වසර විස්සක කාලයක් අඛණ්ඩව කළ සමාගමටම දී ඇති බවත් එම සමාගම මෘදුකාංග ගාස්තුවක් යැයි පවසමින් මෙම මුදල් රජයෙන් අයකරගන්නා බවත්  වෛද්‍ය චමල් සංජීව මහතා පැමිණිල්ල කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජාතික ඖෂධ නියාමන අධීකාරීයේ   දත්ත මැකී යාම සම්බන්ධයෙන් ද පැමිණිලි කළ බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සාධාරණ හා පිළිගත හැකි පරීක්ෂණ කරනු ඇතැයි විශ්වාසයක් නොමැති බවත් ඒ මහතා කීය.  

දේශපාලන පරිවර්ථනයක් වූවත් පසුගිය කාලයේ වංචාවන්ට මුල් වූ  නිලධාරීන් කටයුතු කරන නිසා ඉදිරි විමර්ශනවලදී එම නිලධාරින් විමර්ශන හා නීති අංශ නොමග යැමීමට හෝ සාක්කි වසන් කිරිමට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය. 



අදහස් (3)

විදේශ ගමන් බලපත්‍රයකට අමතර රුපියල් 450ක් ගෙවන්න වෙලා

ලුම්බිණි Tuesday, 07 January 2025 05:25 AM

ඔය කියන අධිකරණමය කටයුත්ත කවදද විසදෙන්නේ ?

:       0       1

Lalla Tuesday, 07 January 2025 11:19 AM

අපේ අධිකරණය වෙත නඩුවක් ගියානම් අඩුම තරමේ අවුරුදු ගණනාවක් ගතවෙනව නොවේද? වගකිව යුතු පාර්ශ්ව කල් ඉල්ලීම මත නිකරුනේ කල්ගත වෙත එක වලකා ගැනීමට නීතී හදන්න බැරිද? සති දෙකෙන් ගෙදරට ආපු ගමන් බලපත්‍ර දෑන් අවුරුද්දකට කිට්ටුව කාලයක් ගතවෙලාත් ආවේ නෑ.

:       0       0

Business Tuesday, 07 January 2025 11:26 AM

දෙගුණයක් ( Rs 45,000/ ) ගෙවලත් මාස 7 ක ඉදන් පාස්පෝට් එක අලුත් වෙලා ආවේ නෑ, ලංකාවට එන්න විදිහක් නෑ. වීසා කල් ඉකුත් වෙලා දඩ ගෙවන්නත් වෙලා තියෙන්නේ. ලංකාවේ නිලධාරීන් දුකථන , ඊමේල් වලට උත්තර දෙන්නේ නෑ. තානාපති කාර්යාලයෙන් ලිපි එව්වාට උත්තර තියා ඒවා බලනවද කියලවත් විශ්වාස නෑ. කාටද මේවා කියන්නේ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site