
(මනෝප්‍රිය ගුණසේකර)
විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු ඇතුළු සංවිධාන හතක් ගොනු කර තිබූ පෙත්සම් ලබන 11 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.
ලංකා විදුලි ඉංජිනේරු සංගමය, හරිත සංවිධානය, දේශහිතෛෂී ජාතික පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සංගම් හතක් ගොනු කර ඇති පෙත්සම්වල වග්උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.
ලංකා විදුලි බල සංශෝධන පණත් කෙටුම්පත නමින් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇති බවත් මෙම පනත් කෙටුම්පතේ සඳහන් කරුණු අනුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කරන අතර ජල විදුලිය සම්බන්ධයෙන් එහි පැහැදිලි සඳහනක් නොමැති බවද සඳහන් කරන පෙත්සම්කරුවෝ සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි විධානයක් එහි නොමැති බවද සදඳහන් කරති.
මෙම තත්ත්වය තුළින් සමස්ත මහජනතාවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේත් මූලික අයිතිවාසියක් කඩවන බව සඳහන් කරන පෙත්සමකරුවෝ එබැවින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික වගන්තින වලට පටහැනි බව සඳහන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන ලෙසද මෙම පනක් කෙටුම්පත සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයගේ සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිති.
පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් නීතිඥවරුන් වන සේනානි ධර්මරත්න, ශාන්ත ජයවර්ධන මහත්වරු සමග ජනාධිපති නීතිඥ උදිත ඉගලෙහේවා මහතා පෙනී සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලි පනතට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි