IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලි ගාස්තු සංශෝධනය ගැන අදහස් විමසීම අනිද්දා ඇරඹේ

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු පිළිබඳව මහජන අදහස් විමසීම අනිද්දා (23) සිට ජුනි මස 3 වැනිදා දක්වා පළාත් ආවරණය වන පරිදි පවත්වන බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පැවසීය.

ඒ අනුව පළාත් නවය ආවරණය වන පරිදි වාචික අදහස් විමසීමේ රැස්වීම් 9 ක් සංවිධානය කරන බවත් රත්නපුර, බදුල්ල, යාපනය, මාතර, අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර සහ කොළඹ යන නගරවල මෙම වාචික අදහස් විමසීමේ රැස්වීම් පැවැත්වෙන බවත් ඒ මහතා කීය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ලිඛිත අදහස් ලබන ජූනි මස 5 වැනිදා දක්වා භාරගන්නා බවත් '2025 දෙවන වර්ෂයේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම' සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වැනි මහල, ලංකාව බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3 යන ලිපිනයට එම අදහස් යොමුකළ හැකිය.


ඊට අමතරව 0112392641 ෆැක්ස් අංකයට හෝ 0764271030 යන වට්ස්ඇප් අංකයට හෝ [email protected] යන ඊමේල් ලිපිනයට හෝ තොරතුරු යොමු කළ හැකි බව ද මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහන් කළේය. 



අදහස් (1)

විදුලි ගාස්තු සංශෝධනය ගැන අදහස් විමසීම අනිද්දා ඇරඹේ

Sirisena Thursday, 22 May 2025 05:58 AM

දැනට විදුලිය නිෂ්පාදනය එක් එක් ආකාරයට පෙන්වන්න දෛනික පරිභෝජනය කොපමණද මුලින්ම පැහැදිළිව පෙන්වාදෙන්න ඊළගට වියදම් වෙන්නෙ කොහොමද කියල පෙන්වන්න ජනතාව නැත්නම් පාරිභෝගිකයො ඔය කිසිවක් දන්නෙ නැහැනේ ඊළගට බිල් වැඩිකිරිම කරන්න මාසෙකට වත් පෙර එම වාර්තා ප්‍රශිද්ධියට පතපත්කරමින් දිනයක් නියමකර එදිනට පෙර අදහස් ඉදිරිපත්කරන්න කියන්න මෙතෙක් කිසිදාක අදහස් විමසුවා කියල අඩුකිරීමක් කලේ නැහැනේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site