
(චන්ද්‍රසේන ගමගේ)
යාබද නිවසේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් සූරියවැව වීරිය ගම ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් හා ඇයගේ පස් හැවරදි පුත්‍රයා අද(05) සවස මියගොස් තිබූ බව සූරියවැව පොලිසිය පවසයි.
මියගිය දරුවා කුඩා දරුවන් භාවිතා කරන පාපැදියකින් ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති නිවසට යමින් සිටියදී අනවසර විදුලි රැහැනේ පැටලී ඇති බවත් තම පුත්‍රයා මුදවා ගැනීමට එම ස්ථානයට දිවගිය මවටද විදුලිසැර වැදී ඇති බවත් පොලිසිය කියයි.
විදුලිසැර වැදීමෙන් මව හා පුත්‍රයා එම ස්ථානයේම මියගොස් තිබුණි.මියගොස් තිබුනේ 38 හැවිරිදි මවක් හා 05 හැවිරිදි ඇයගේ පුත්‍රයා ය.
සිද්ධිය සම්බන්ධයෙන් සූරිය වැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
800
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2451
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලිසැර වැදී පස්හැවිරිදි පුතු සහ මව මරුට
Asela Wednesday, 05 March 2025 10:29 PM
හරිම අවාසනාවන්තයි, අවාසනාවන්ත අම්මයි දරුවයි ගැන මට දුකයි. ඒ නොසැලකිලිමත් මිනිස්සුන්ට දැඩි දඬුවම් නැහැ. අපි නොසැලකිලිමත් රජයේ සේවකයින්, පුරවැසියන් සහ දේශපාලනඥයින් දකිනවා. දහස් ගණනක් මිය යනවා, ආබාධිත වෙනවා, පාරේ තුවාල ලබනවා, ඉඩම්වල, වාහනවල, දඩයම් කිරීම, ගිනි තැබීම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, කොන්ත්‍රාත් මිනීමැරුම්, මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂක යනාදිය. මේ ආණ්ඩුවට මේක වළක්වන්න නීති ගෙන්න පුළුවන්. කිසිම ආණ්ඩුවක් පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන තැකීමක් කරන්නේ නැහැ. අපි හරිම අවදානම්.
ගුණරත්න Thursday, 06 March 2025 08:32 AM
ඔය අනවසර විදුලි රැහන් වැඩ නිසා ප්‍රසිද්ධ දේශපාලකයෙක් එහෙමත් මැරුණා. ඔය වයර් අදින මකබාස්ලා දන්නේ නැහැ කොයිතරම් සුළු විදුලිය ධාරාවක්ද ඕන කියල හදවත නවතින්න, ඉතින් අදින්නන් වාලේ වයර් පූට්ටු කර කර අදිනවා, අලියෙක් මරන්න වුනත් ඒ කරන්ට් එක ඇති, ඉතින් මැරිලා යනවා වයර් එකක් ගෑවුනොත් . මේවා කරලා අහුවෙන එකෙක්ට ලක්ෂ ගානක් දඩ ගහල මනුෂ්‍ය ඝාතන චෝදනා එක්ක හිරේ දැම්ම නම් ඕක නවතීවි