IMG-LOGO

විදුලිබල මණ්ඩල සේවකයෝ ප්‍රසාද දීමනාව එපා කියති

(යොහාන් භාසුර)

මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම වසරේ (2022) ප්‍රසාද දීමනව අත්හැරීමට එකඟ වූ බව මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති ඒ සඳහා එකඟතාව පළ කළ බවත් මෙම ප්‍රසාද දීමනාව අත්හිටුවීමෙන් රුපියල් බිලියන ගණනක් වන බවත් ජනක රත්නායක සභාපති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (6)

විදුලිබල මණ්ඩල සේවකයෝ ප්‍රසාද දීමනාව එපා කියති

මුදියන්සේ... Wednesday, 14 December 2022 11:49 AM

පාඩු ලබන බව පවසමින් විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිලේ බර පටවා තිබියදී එවන් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වෙනුවෙන් බෝනස් ගෙවීම ගැන කතා කිරීම පවා නොවිය යුත්තක් නොවේද?

:       3       43

ගජමෑන් Wednesday, 14 December 2022 12:31 PM

සහතික ඇත්ත බෝනස් නැත්නම් ප්‍රසාද දීමනා ගෙවිය යුත්තේ ලාභයක් ලැබුවොත් එයට ස්තුති කිරීම වෙනුවෙන් කරන සංග්‍රහයක් හැටියට මිස වරප්‍රසාදයක් හැටියට නොවෙයි කියලා මොන්ටිසෝරි ඇරිලා ගෙදර යන දරුවන් දෙන්නෙක් කියකියා යනවා ඇහුණා.

:       1       27

මහසෙන් Wednesday, 14 December 2022 12:16 PM

සාමාන්‍යයෙන් ලාබලබන ආයතනේ බෝනස් දෙන්නේ. එතකොට මෙච්චර කල් බෝනස් ලාබ ලබලා මේපාර පාඩුනිසා වෙන්න ඇති බෝනස් එපා කියන්නේ. මේක තනිකරම හොරකම උතුරලා යන නිලධාරි මෙන්ම සේවක මාෆියාව පිරුණු තැනක්...

:       1       24

Senarath Wednesday, 14 December 2022 12:28 PM

ඒ තීරණය ඉතාම හොඳයි. රටේ ජනතාව දැන් ඉන්න දේශපාලුවන්ට සහ රජයේ නිලධාරින්ට දෙස්දෙවොල් තබමින්... මේ දෙගොල්ලොම නිසා තමයි රටට මෙහෙම වුණේ... මේක සමහර හොඳ නිලධාරීන්ට අදාළ නොවේ. එහෙම අතළොස්සක් තවම හොඳ නිලධාරීන් ඉන්නවා.

:       2       20

Prase Wednesday, 14 December 2022 12:51 PM

ආයතන පාඩුයි... ප්‍රසාද දීමනා බිලියන් ගණනින් ගෙවලා, කවුද මේවා පාලනය කරන්නේ? කාංචනද? 

:       2       19

banda Wednesday, 14 December 2022 01:27 PM

පාඩු ලබන ආයතනවලින් බෝනස් දෙන්නේ ලංකාවේ විතරයි...

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site