IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලිබිඳ වැටීමෙන් සිදුව ඇති පාඩුව කෝටි 830 ක්

(අංජුල මහික වීරරත්න)

පානදුර විදුලි උප පොලේ ප්‍රශ්නය නිසා  දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය රුපියල්  කෝටි 830 ක් බව  එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම පාඩුව පියවා ගැනීමට උත්සාහ කරන්නේ මැයි 6 වැනිදා පුංචි ඡන්දයෙන් පසු විදුලිය ගාස්තු ඉහළ නැංවීමෙන් බව ද රණවක මහතා කීය.

‘පැන්සල’ ලකුණින් හෝමාගම ප්‍රාදේශීය සභා මැතිවරණය ට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා  හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ පැවති ජනහමුවට එක්වෙමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

"මේ වඳුරෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. කීයද පාඩුව? කෝටි 830 ක්. එතකොට කවුද මේවා ගෙවන්න යන්නේ? මතක තියාගන්න. මේ පාඩුව ගෙවන්න වෙන්නේ අපිට.මැයි හය වැනිදායින් පස්සේ විදුලි ගාස්තුව වැඩි කරලා ඒ පාඩුව පියවගන්න යන්නේ යනුවෙන්ද රණවක මහතා කීය.

 



අදහස් (11)

විදුලිබිඳ වැටීමෙන් සිදුව ඇති පාඩුව කෝටි 830 ක්

ලූට මූස් Monday, 31 March 2025 12:36 PM

ඡන්දෙන් පස්සේ අපිට වෙන වැඩේ කියන්න කලින්, ඡන්දෙන් පස්සෙ ඔයාට වෙන වැඩේ කියන්න පුළුවන්ද?

:       0       6

පිටරටවැසියා Monday, 31 March 2025 12:37 PM

මෙයා විදුලිබල ඇමති වෙලා හිටියානම් ගෙදරින් ගෙනල්ලද පාඩුව පියවන්නෙ? බලයේ හිටපු කාලේදී එහෙම වෙන්න ඇති කරන්න ඇත්තෙ?

:       6       20

සෙනෙවිරත්න Monday, 31 March 2025 12:39 PM

තමන් හිටපු ආණ්ඩුවල ඔය වගේ ඒව නිසා වෙච්ච පාඩු අයකරගත්තද? මේක හිතාමතාරජය කල දෙයක් වගේ මේ ළදරු ආණ්ඩුවට මෙයා චෝදනා කරන්නෙ. අමතකද බැඳුම්කර මගඩිය වෙනකොට තමුන්නැහැ ඒ රජයෙ ඇමති.

:       5       16

Mohan Mangala Mapa Monday, 31 March 2025 12:48 PM

විසඳුම නිලධාරීන්ට දැඩි දඬුවම් කිරිම

:       0       3

රම්බොඩ Monday, 31 March 2025 01:30 PM

ඒ ගැන කිසිම වගවීමක් නෑ. වෙන රටක නම් කට්ටියට ගෙදර. පාර්ලිමේන්තුවට පනතක් ගේන හැම වෙලාවකම රට පුරා විදුලිය නැතිවෙනවා. මේවා ගැන හොයනව මදි. ඔවුන් ඒකාධිකාරයක් හදාගෙන.

:       4       0

de silva Monday, 31 March 2025 01:38 PM

පක්ෂ විපක්ෂ හැමෝම කටවහගෙන අපේ කොමිස් කුට්ටිවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න. ඇඟිලි ගහන්න ආවොත් මීට වැඩිය ලොකු පාඩුවකට මුහුණ දෙන්න සිද්ද වෙනවා..

:       1       1

de silva Monday, 31 March 2025 01:41 PM

පිට රට වැසියා සහ සෙනෙවිරත්න නොදන්නා දේවල් කතා කරන්න එපා. මම මෙතුමාගේ දේශපාලනය එකඟ නොවුණත් ඇත්ත කියනවා. මොහු විදුලිබල සහ බලශක්ති ඇමැති වෙලා හිටපු කාලේ මණ්ඩලේ ලාභ ලැබූ බව ඔබලා දන්නේ නැද්ද?...

:       11       1

අරවින්ද මොණරවිල Tuesday, 01 April 2025 09:58 AM

සිල්වාට නිකම් පිස්සු වගේද ? මෙයාගේ කාලයේ හොදටම ලාබ ලැබුවේ එයාම තමයි ගල් අගුරු වලින් එහෙම......

:       0       0

nisansala Monday, 31 March 2025 01:44 PM

මුන්ගේ බැංකු ගිණුම් වත්කම් දේපල විගණනයක් කළා නම් හොදට හොයා ගන්න පුළුවන් හිතවත් කම් ගැන

:       0       7

Neel Monday, 31 March 2025 04:34 PM

මේයා කියන දේවල් කවුරුවත් වැඩිය ගනන් ගන්නේ නැහැ. මොකද ගල් අඟුරු වලින් ලාබයි.

:       0       5

මාෆිලා Monday, 31 March 2025 05:49 PM

මිනිස් ලේ ඉල්ලන ජාතිවාදීන්... !!!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 401 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site