
(ටී.කේ.ජී.කපිල)
රුපියල් තිස් නව ලක්ෂ තිස් දහසක් වටිනා විද්‍යුත් දුම්වැටි 262 ක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (4) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පසුවන ව්‍යාපාරික කාන්තාවකි .
ඇය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (04) අලුයම 02.35ට පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ උරා බොන වාර 12,000ක් (Smoking Shot) සහිත විද්‍යුත් දුම්වැටි 262 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 02/07 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2149
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විද්‍යුත් දුම්වැටි තොගයක් කටුනායකදී මාට්ටු