
(යොහාන් භාසුර)
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ මේ මේ ව්‍යාපෘතියක් නොවන අතර මෙරට අධ්‍යාපනය නිවැරදි කිරීමට අවංක අදහසින් ගන්නා ක්‍රියාමාර්ගයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
පසුගිය කාලයේ ගුරුවරුන් බඳවාගැනීම නිසි පරිදි නොවුණු බවත්, ඉදිරියෙ දී පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගන්නා බවත් අග්‍රාමාත්‍යවරය කීවාය.
කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්ගහවෙල, වීරඹුගෙදර, පිදුරුවැල්ල, පිල්ලැස්ස, මාවතගම සහ පරගහදෙනිය යන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැළසුම කුමක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද? කුමක් කළත් ටියුෂන් මාෆියාව පාලනය නොකර බැහැ...
රටට පළමුව අවශ්‍ය ජනතාවගේ ඉතිරි කිරීම්වලට වදයක් නොවන ආර්ථිකයක්.. එසේ නොකළහොත් ඔය කියන අධ්‍යාපනයට යන්න වෙන්නේ හොම්බෙන්. දැනටමත් කර ඇති මූල්‍ය නාස්තිය හොඳටම ඇති...
දැන් ඔය වැල් බයිලා කියවිල්ල නවත්වලා වැඩක් කරලා පෙන්වමුද? නැත්නම් මේ අවුරුදු 5ම ඔහෙලා අනුන්ට බැන බැන ඉඳීවි...
දැන් ඉතින් ඕක කිව්වා ඇති. දැන් ඔය දේ කරලා පෙන්නන්ට.
මලට නොඑන බඹරු චිත්‍රපටිය මතක් වුණා...! හි හි..!
පළමු කාරණය ලංකාව දුප්පත් රටක්, අවස්ථා සීමිතයි, මොකද උසස් අධ්‍යාපනය කියන්නේ ආණ්ඩුවේ ඒකාධිකාරයක් නිසා, ඉතින් ඔය කාරණා මතක තියාගෙන අවශ්‍ය සංශෝධන කරන්න. මොකද අනෙත් පක්‍ෂ ඒවා සංශෝධනය කරන්න ආවාම මරාගෙන මැරෙන්න ආපු පක්ෂයනේ දැන් බලයේ ඉන්නේ? ඉතින් ඔවුන්ටම තමයි සංශෝධන කරන්නත් පුළුවන්...
හරිනි අමරසූරිය අගමැතිනිය ලංකාවේ රජයේ පාසලක ඉගෙනගත් කෙනෙක් නොවෙයි. ඔබතුමිය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික පාසලක බොහෝ මුදලක් ගෙවා ඉගෙනගත් කෙනෙක්. ඒ පාසලේ අධ්‍යාපන මට්ටම අපේ රජයේ පාසල්වල අධ්‍යාපන මට්ටමට වඩා පහළයි. ඔබතුමිය ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවා කියලා අහලත් නෑ. මවුපියන්ගේ මුදලින් පිටරට විශ්ව විද්‍යාල ගිය කෙනෙක්. ඒ නිසා කරුණාකරලා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනකොට හොඳට හොයා බලන්න. අපේ රජයේ පාසල්වල අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු තියෙනවා. නමුත් ඒවායින් එළියට එන්නේ හොඳට දැනුම තියෙන දරුවන්. මම බටහිර රටක විශ්ව විද්‍යාලයක උගන්වන්නේ. මේ රටවල් ලංකාවේ රජයේ පාසල්වල අධ්‍යාපනය ලබලා එන අයව ඉහළින් පිළිගන්නවා. ඔය අලුත් අධ්‍යාපන ක්‍රමවලින් අපේ රජයේ පාසල්වල මේ වනතුරු ලබාදෙන දැනුම මොට්ට කරන්න එපා කියලා ඉල්ලන්නේ... ටියුෂන් පංති ගියත් ඉගෙනගන්නේ රජයේ පාසල්වල උගන්වන සිලබස් එකයි. පුද්ගලික පාසල් ගිය අය මේ ක්‍රම එක්ක තරඟ කරන්න බැරි නිසා රටම මොට්ට කරන්න එපා...
කරුණාකරලා.. එපා. ඔයාගේ කණ්ඩායමේ ඉන්නේ ව්‍යාජ මහාචාර්යවරු සහ වෛද්‍යවරු, උසස් පෙළවත් සම්පූර්ණ කරන්න බැරි අය. දැන් තියෙන දේවල් විනාශ කරන්න එපා. ඒක හොඳම දේ නෙවෙයි කියලා අපි එකඟ වෙනවා, නමුත් ඒක නරකම වෙන්න අපි කැමති නැහැ.
ඇමරිකාවෙ ලමයි අන්ත අඩියට වැටුනා වෝක් ගොන් තීරන නිසා. මේ අම්මන්ඩිලා දැන් කරන්න යන්නෙ ලමයි කම්මැලි කරලා නලවන්නද? චීනය තමයි අනුකරනය කල යුත්තේ. මුන්ගෙ මේ සමලිංග රෙද්දවල් මේ රටට සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ