
(ප්‍රසාද් රුක්මල් )
බණ්ඩාරවෙල ප්‍රදේශයේ රෝහලක වෛද්‍ය නිළ නිවාසයේ හොර රහසේ ගංජා පැල වගා කළ වෛද්‍යවරයකු අඩි 6 ක් පමණ උස විශාල ගංජා ගස් 14ක් සමග අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රෝහලේ සේවය කරන එම රෝහලේ වෛද්‍ය නිළ නිවාසයේ පදිංචිව සිටින 32 හැවිරිදි වෛද්‍යවරයකු යැයි පොලිසිය කීය .
ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියන්ත හේරත් මහතා ඇතුළු නිළධාරින් මෙම වැටලීම සිදු කර ඇති අතර , මෙහිදී රෝහලේ වෛද්‍ය නිළ නිවාසයේ පිටුපස බීට් රූට් සහ තක්කාලි වගාවක හොර රහසේ වගා කර තිබු සරුවට වැව් තිබු ගංජා ගස් 14 සමග සැකකාර වෛද්‍ය වරයා අත් අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කලේය .
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙදැදුරුතුමාත් ගංජා වවලා
බකල ජයා Monday, 21 April 2025 09:28 AM
වවපු කෙනාට ඕන දඬුවමක් දෙන්න. අර ගස් ටිකට නම් මොනවත් කරන්න එපා. ගස් කපන එක පාරිසරික විනාශයක් නේ. ඉඳල හිටල කොල ටිකක් කඩාගත්තට කමක් නෑ.
ජිල්බු Monday, 21 April 2025 09:34 AM
ත්‍රෛලෝක විජය පත්‍ර වලින් කරන දේශීය වෙදකම හදාරන බටහිර වෛද්‍යවරයෙක් මේ. ඒ පර්යේෂණ එහෙමම කරගෙන යන්න පහසුකම් දෙන්න.
විජයපත්‍ර Monday, 21 April 2025 01:23 PM
ඇයි පසුගියදා කංසා වගාකිරීම සඳහා පනතක් සම්මත කළා නේද එහෙම නම් සුද්දාගේ කාලයේ තහනම් නොකර නිදහස දෙන අවස්ථාවේ තහනම් කළ කංසා වගාව නීතී විරෝධී වෙන්නෙ කොහොමද ඇත්තටම ගමගේ නෝනගේ පනත අවලංගු ද කියල පැහැදිලි කරන්න.
අරවින්ද මොණරවිල Monday, 21 April 2025 01:54 PM
ගොමා හෙට අද මධ්‍යම රාත්‍රි දොළහට වැඩ වර්ජනයක් පටන් ගනීද දන්නේ නැහැ. ගංජා කියන්නේ බටහිර ඖෂධයක් කියලා...