IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


වතු කම්කරු වැඩි වැටුප ඇල්කඩුව සමාගමෙන් ගෙවයි

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවය කරනු ලබන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 ක් ලෙස වැඩි කර ලබාදීම අද ඇල්කඩුව වැවිලි සමාගමේ මාතලේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණි.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැයි 1 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කිරීමට ගෙන ඇති තීරණයත් සමග මෙම පඩි වැඩි කිරීම සිදු කර තිබේ.

මාතලේ ඇල්කඩුව වැවිලි සමාගම යටතේ සේවය කරනු ලබන වතු කම්කරුවන් 1500ක් වෙත මෙම වැඩි කරන ලද රුපියල් 1700ක පඩියට අමතරව ඊ.ටී.එෆ් හා ඊ.පි.එෆ් 202.50 එක් වූ පසු 1902.50 වැටුප් වැඩිවීමක් සිදු කරන බව ඇල්කඩුව වෙවිලි සමාගමේ සභාපති සුමිත් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

ඇල්කඩුව වැවිලි සමාගම 2020 වර්ෂයේ සිට ලාබ ලබන රජයේ වැවිලි සමාගමක් ලෙස කටයුතු කරන බැවින් මෙම වැටුප් වැඩිවීම ලබාදීමට හැකි බවත් ඉදිරියේදී මනා කළමනාකරණයක් තුළින් වතු කම්කරුවන්ගේ වැටුප නිසි දිනට ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත සිදු කිරීමට පියවර ගන්නා බවත් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

වතු කම්කරු වැඩි වැටුප ඇල්කඩුව සමාගමෙන් ගෙවයි

Muthu Tuesday, 11 June 2024 02:50 AM

මේක දේශපාලන බලපෑමෙන් ගත්ත තීරණයක් නම්......මුළු තේ කර්මාන්තයම අනතුරේ.......

:       7       14

Sahan Tuesday, 11 June 2024 08:13 AM

සාධාරන සමාගමක් තවත් දියුණු වෙිවා

:       2       9

Tharanga Fernando Tuesday, 11 June 2024 10:51 AM

මූතු ඇහේ කටු අනිනවා වගේ නේ. ජෙවිපී එක්ක උද්ඝෝෂණයක් කරලා.. වැටුප අඩු කර ගමු.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 136 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site