IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වත්කම් බැරකම් ගැන අලුත් නියෝගයක් එයි

(අංජුල මහික වීරරත්න)

දූෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 156 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමසා එකී පනත යටතේ නියම කරනු ලබන නියමිත කාරණා සම්බන්ධයෙන් වූ නියෝග සෑදීමට අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට බලය පැවරී ඇත. 

එකී පනතේ 82 (1) වගන්තිය අනුව අදාළ වන සෑම තැනැත්තෙකු විසින්ම නියෝග මඟින් නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියකින් " වත්කම් හා බැරකම්" ප්‍රකාශ කළ යුතු වේ.

 " වත්කම් හා බැරකම් " යන්නෙන් ශ්‍රී ලංකාව ඇතුළත හෝ ඉන් පිටත, සෘජුව හෝ අර්ථදායක ලෙස හිමි නියෝග මඟින් එහි විස්තර නියම කරනු ලැබිය යුතු වත්කම්, බැරකම්, ආදායම්, වියදම් සහ පොලී මුදල් අදහස් කරනු ලැබේ.

ඒ අනුව, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ විධිවිධාන පරිදි සාදන ලද 2025 දූෂණ විරෝධී ( වත්කම් හා බැරකම් ප්‍රකාශ) නියෝග ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, එකී නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

වත්කම් බැරකම් ගැන අලුත් නියෝගයක් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2433 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site