IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

(රොෂන් තුෂාර)

නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව රුපියල් කෝටි 9 කට අධික වටිනාකමින් යුත් තාවකාලික ගබඩා 50 ක් සීමා සහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙනුවෙන් ආනයනය කර රජයට පාඩු කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා නියෝග කළේය .

සැකකරුට ලක්ෂ 10 බැගින් ශරීර ඇප 2ක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණයෙන් නියම කළේය .

සැකකරු අල්ලස් කොමිසම විසින් ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළේය .

අල්ලස් කොමිසම බී වාර්තාවක් ගොනු කරමින් සඳහන් කර සිටියේ,  ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2015 වර්ෂයේදී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව තාවකාලික ගබඩා 50 ක් ආනයනය කිරීම මගින් , රජයට රුපියල් 99,679,799.70 ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශව වෙත සලසාදීම යන චෝදනාවනට මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.

සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් කියා සිටියේ සැකකරු සභාපතිවරයා ලෙස මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කිසිදු පුද්ගලික වාසියක් ලබා නොමැති බවය.විමර්ශනයට සහාය දක්වන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරමින් ජනවාරි 16 දින වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.



අදහස් (0)

වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site