IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වැඩකට නැති රාජ්‍ය වතු පෞද්ගලික අංශයට

(අංජුල මහික වීරරත්න සමඟ සුජිත් හේවාජුලිගේ)

ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"වැවිලි බෝග වල ඉරණම බාරගන්නට අප රජයේ සූදානම්. පොල් නිෂ්පාදනය පහළ යන්න කොතන හෝ සැලසුම් වල වරදක් තිබෙනවා.දේශපාලනය හරියට මෙහෙයවූයේ නැති වුනාම මේක හරියට කරගන්න බෑ.දක්ෂ නිලධාරීන් ඉන්නවා. හැබැයි හරි ප්‍රතිපත්තියක් හදා හොඳ මෙහෙයවීමක් කළොත් මේ ක්ෂේත්‍ර උඩට ගන්න පුළුවන්.

පොල් කර්මාන්තය ඉස්සරහට ගේන්න වසර දහයක සැලැස්මක් අප හදනවා.එමෙන්ම ජාතික වැවිලි ප්‍රතිපත්තියක් හදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. පොල් කර්මාන්තයේ දස අවුරුදු සැලසුමක් හදනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (9)

වැඩකට නැති රාජ්‍ය වතු පෞද්ගලික අංශයට

ලසී Friday, 14 March 2025 02:43 PM

අගලවත්ත පහු වුණාම බදුරලිය පැත්තේ (කලවාන පාරේ) තියනවා ඩැල්කීත් කියලා අක්කර දහස් ගණනක් පුරා තියන වතු යායක්. ඒකේ තැනින් තැන තියනවා 87-89 කාලේ කට්ටියක් ගිනි තියපු යන්ත්‍රෝපකරණ සහ විශාල ගොඩනැගිලි. දැක්කම පිස්සු හැදෙනවා. දැන් අයිති කොටගල වතු අධිකාරියට. පුළුවන් නම් ඒ කාලේ ගිනි තියපු එවුන්වත් හොයලා දඬුවම් දෙන්න. ඒවායින් ප්‍රයෝජන ගන්න.

:       11       20

KirigeeSaturday, 15 March 2025 04:06 PM

87-89 කාලයේ පමණක් නොවෙයි ජෙප්පෝ පුද්ගලික දේපළ රජයට ගනිල්ලා කියමින් මුලින්ම අරගල කළ කාලයේ මාතර දිස්ත්‍රික්කයේ, නැත්නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබුණු මොරිස්ටන් තේ කම්හල ඔවුන් ගිනි තැබුවා. ඔය වතු ඔතරම් අසාර්ථක වුනේ ජෙප්පන්ගේ බලපෑමට රජයට පවරාගැනීම නිසා මිස වෙනත් හේතුවක් නැහැ. ඒ කාලයේ හිටපු පාලකයෝ ඔවුන්ගේ අසාර්ථක වතු රජයට දීලා ඒ වෙනුවෙන් සාරවත්ම වතුවලින් ඔවුන්ගේ කොටස් හදාගත්තා. ජෙප්පෝ කියන අවුරුදු 76 න් 53 ක් ම රට කෑවේ ජෙප්පෝම තමයි.

:       0       2

tissa Friday, 14 March 2025 03:53 PM

මෙන්න රජයේ දේපළ විකුණනවෝ...!

:       4       15

යෝගා Friday, 14 March 2025 04:35 PM

වමට සිග්නල් දාලා දකුණට හරවනවා කියන්නේ මෙන්න මේවාට තමා. දැන්වත් මිනිස්සුන්ට තේරෙන්න ඕනෑ මොවුන් සමාජවාදීන්වත් ධනවාදීන්වත් නෙමෙයි අවස්ථාවාදීන් පමණමයි කියලා...

:       6       17

abeygunasekarasampath95 Friday, 14 March 2025 09:41 PM

සහෝදරවරු කෑ ගහන්නේ නැද්ද විකුණනවෝ කියලා...

:       0       2

Lal Silva Saturday, 15 March 2025 04:53 AM

අන්ත වාමංශික ජවිපෙටත් අන්තිමට වැටහුණා පුද්ගලීකරණය විතරයි යා යුතු මග කියලා! නමුත් ඔවුන් වෙනස් වෙන්න ලෑස්ති නෑ. කොමියුනිස්ට් ප්‍රතිපත්ති වලින්!! දැන් රාජ්‍ය පාලනය L බෝඩ් කියන එක ස්ථිර වෙනවා. හොඳට දේශපාලනයේ තෙම්පරාදු වෙලා තව මොළේ පෑදෙන්න කලක් යාවි! එතකොට රට ආයෙමත් බංකොලොත් වෙලා, ණය ගෙවාගන්න බැරි වෙලා තියෙයි!!!

:       0       2

Nilantha Saturday, 15 March 2025 07:28 AM

මාර වැඩේ අපිට වුනේ ! දැන් කව්ද රාජ්‍ය දේපල සුරැකීමේ උද්ඝෝෂණ කරන්නේ?

:       0       1

Sirisena Saturday, 15 March 2025 05:15 PM

ඔන්න මම උසස් පෙළ විභාගය කරද්දී ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා ඒ කාලයේ අපිට කියා දුන්නා රජයේ සෑම ගණුදෙනුවක්ම චෙක්පත් මගින් කරනවා කියල එදාවේල යන්තමින් සොයාගත් අපිට චෙක්පත් කියන්නෙ මහා අපභ්‍රංශයක් වුනා ඔහොම කාලයක් ගියාම ලැබුනා රජයේ රැකියාවක්.මට ගිණුම් අංශයේ තමයි වැඩ කරන්න වුනේ ඉතින් කෙනෙක්ට චෙක්පත් ලියන්න පමණයි තිබුනේ සාමාන්‍යයෙන් මාසෙකට චෙක්පත් දෙදාහක් පමණ ලියන්න වුනා ඒ කාලයේ තමයි පාසලේදී ගුරුතුමා කියූ සියලු ගණුදෙනු චෙක්පත් මගින් කරනවා කියල තේරුනේ දැන් ආණ්ඩුවේ උතුමන්ලාට වෙලා තියෙන්නෙත් ඒකම තමයි

:       0       0

Nandana Saturday, 15 March 2025 07:40 PM

ඔය සෙව්වන්දි නගාව අල්ලන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site