
(අංජුල මහික වීරරත්න)
සංවර්ධිත ලංකාවක ඉලක්කය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා රටෙි ජනාධිපති කරන්න ජනතාව අසමත් වූ නමුත් දැන් ඒ දේ සිදු කෙරෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
රට හදන්න නම් ප්‍රමුඛත්වය දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා වසර 20 ක් අඛණ්ඩව ඉදිරියට යන ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකසා ගැනීමට බව ද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරී හමුවකට සහභාගී වෙමිනි.
"වජිර ඩීල් කාරයා කියලා සමහර අය මටත් කියනවා . ඩීල් බැරි නම් එයාට දේශපාලනය බෑ. නායකතුමා ඩීල් කාරයා, වජිර ඩීල් කාරයා කියනවා.ඩීල් එකක් නැති නම් දේශපාලන ස්ථාවරත්වයක් නැහැ . ආර්ථිකයට ඩීල් එකක් ගහන්න බැරි නම් ආර්ථිකය ගොඩගන්නත් බැහැ"යනුවෙන් ද අබෙිවර්ධන මහතා පැවසීය.
COMMENTS
අපි ඉල්ලන්නේ උපාධියක් පමණක් නොව කීර්තිමත් රැකියා ඉතිහාසයක් ඇති වෘත්තිකයින්... ශ්‍රී ලංකාව වගේ උගතුන් පිරුණු රටක නූගත් සහ බලයට අසීමිත කෑදර සහචරයින් රනිල් පසුපස ඒම ජනතා කැමැත්ත නෙමේ...
මෙච්චර පස්ස බිම ඇනිලා හොම්බෙන් යද්දීත් මේසෙ උඩ මල් පොකුරු තියන් නැතුව මේ අයට කතා කරන්න බැරි හැටි... ලැජ්ජයි... අප්‍රසන්නයි....!
මෙයාලගේ එකම රාජකාරිය රනිල්ට කඩේ යන ඵකයි..
මෙන්න දේශපාලනයට ආපු අලුත්ම කෙනා. මීට කලින් දේශපාලනයට ඇවිත් නැහැ. රට සංවර්ධනය කරන්න තිබුණු මේ අය ඉස්සර ඉඳලාම දේශපාලනය කළා නම්...!
පුළුවන් නම් ඡන්දයක් තියලා දිනලා පෙන්නන්න...!
හලෝ ඒ වෙලාවේ ජනාධිපති කළානම් අද මෙරට පාලනය කරන්නේ ප්‍රභාකරන්. ඒ බව ඔහෙට අමතක වුණාට අපිට හොඳට මතකයි. 5 වතාවක්ම රට කිරීමෙන් ෆේල් වුණු මෙයා 6 වෙනි සැරේ කරන්නේ කොහොමද බලමු. කියවනවා නම් අන්තර් ස්වයං පාලන අධිකාරිය පිහිටුවන ගිවිසුම තවම අන්තර්ජාලයේ තිබෙනවා...
ගිය ගිය තැන හොරා කන එක තමයි කරන්නේ. ගාලු ක්‍රීඩාංගණයත් විකුණන් කන්න හදලා යන්තම් මිනිස්සු කෑ ගහලා තමයි ඒක නවත්වාගත්තේ... හොරුන්ම තමයි..!
අනුන්ගේ පිහිටෙන් තවත් හොරෙක් ඔලුව උස්සා ඇත...
ඇවන් ගාඩ්...!