IMG-LOGO

2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා


ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත් එකක් බවට රත්වත්තේ යුවළ පැවසුවද එය වසර ගණනාවක සිට පරිහරණ කර ඇත්තේ රිමාන්ඩ් භාරයට පත්ව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බව පැහැදිලි විඩියෝ දර්ශන සාක්ෂි ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් සුඛෝභෝගී නිවසක අංක තහඩු රහිත සැකකටයුතු සුඛෝභෝගී මෝටර් රථයක් තිබෙන බවට ඉකුත් මස 25 වෙනි දින මිරිහාන මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවලදී එම මෝටර් රථය ගාල් කර තිබෙන නිවස හිටපු රාජ්‍යඅමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රශි පබා රත්වත්තේ මහත්මියට අයත් නිවසක් බවට අනාවරණය වී තිබිණි'.

ඒ අනුව ඇයගේ දුරකථන අංකය සොයාගත් පොලිසිය ඒ හරහා ඒ සිදු කළ විමසීමේදී වෙඩි තබාගෙන තම සැමියාගේ පෞද්ගලික ලේකම්වරයා වන වෙඩි තබාගෙන සිය දිවි නසාගත් සංජීව බස්නායක නැමැත්තා එම මෝටර් රථය මීට සති තුනකට පමණ පෙරදී තමන්ට දැනුම් දී නිවසේ ගාල්කර ගිය බවය.

අනතුරුව පොලිසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණුු වාර්තා කර අදාළ මෝටර් රථය ඉකුත් 26 වෙනි දින භාරයට ගත් අතර ඒ සමගම රත්වත්තේ පවුලම අතුරුදන් විය

පොලිස් භාරයට ගත් මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ මෝටර් රථයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා 2021 වසරේ ඔක්තෝම්බර් මස 7 වෙනි දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් තිබූ බවත් එම අවස්ථාවේදී මෝටර් රථයට සවිකර ඇත්තේ ky-6864 ,අංක දරණ මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුව බවත් විමර්ශන වලදී අනාවරණය වීඇත

එම අංකය සම්බන්ධයෙන් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව හරහා සිදුකළ සොයා බැලීමේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ කලින් බිරිඳට අයත් මෝටර් රථයේ ලියා පදිංචි අංකය බවට මේ වනවිට තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය

 



අදහස් (6)

ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට

Ranil wickramasinghe Tuesday, 05 November 2024 07:30 AM

යකෝ මුන්ට ගෑණු වැහිවැහැලනේ

:       1       9

Lalla Tuesday, 05 November 2024 07:41 AM

වාහන මාරුකරන ගමන් ගෑනුත් මාරුකරපු ඇමතියෙක්ද? එතකොට අර හිරගෙට එක්ක ගෙන ගිහිල්ල වීරකම් පෙන්නපු කිකිළි කවුද ? කිකිලියො පට්ටියක්ම ඉන්නවද?

:       1       13

ගුණරත්න Tuesday, 05 November 2024 10:29 AM

මේ සිප්පි කෑලි අල්ලලා මොනවා කරන්නද? අර ඩොලර් බිලියන ගණන් ව්‍යාපාර කරලා ඒ සල්ලි ලංකාවට ගෙනෙන්නේ නැති මහා ධනවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා, අයි ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නේ? ඒ සල්ලි වලින් මුළු ලංකාවටම අවුරුදු 10කට ඇති වෙන්න වාහන ගෙන්වන්න පුළුවන්. ආණ්ඩුව ප්‍රමුඛතාව දෙන්නේ ලාබ ජනප්‍රිය කාරනාවලට. නුවරඑළියේ එළවලු මල්ලක් ගැනත් අහන්න ලැබුන, ඒවා එහෙම හදන්නේ ආරක්ෂාව කියන කාරණේ මුල් කරගෙන කියල කවුදෝ මහත්තයෙක් කියලත් තිබුන. එත් ජනාධිපතිතුමා ඒවා පාවිච්චි කරන්නේ නැතිව බෙදල දෙනවා කියලත් තිබුන, මේවා රටට ප්‍රයෝජනයක් නැති තරම, සාකච්ඡා කරන්න තරම් වැදගත් දේවල් නෙවෙයි. කිලෝ හැටේ එළවලු මල්ලක් කියන්නේ නොගිනිය හැකි සුළු දෙයක්, එකෙත් කිසිම අනීතික අවභාවිතයක් වෙලත් නැහැ. ඇයි ආණ්ඩුව මේ විදිහට වැඩ කරන්නේ? මට පෙනෙන විදියට ඉස්සර ආණ්ඩුත් ඔහොමයි. අලුත් ආණ්ඩුවත් ඒ මග ම තමයි යන්නෙත්.

:       20       12

NimalTuesday, 05 November 2024 11:51 AM

එළවලු මල්ල උනත් තුන් වේල කන්න නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා මහත්තයෝ මේ රටේ

:       0       0

ලක්විදුTuesday, 05 November 2024 03:54 PM

ගුණරත්න මහත්තයෝ, ඔහේටත්, ඔහේ ඡන්දෙ දුන්නු අයටත් මේවා සිප්පි කෑලි වුණාට, අපිට ඒවා බරපතල වංචා. ඔහෙලාගේ උන්දැලා රට කරන කාලේ, සාමාන්‍ය මිනිහෙක් මේක කළානම් මොකද වෙන්නේ? එතකොටත් ඒක සිප්පි කෑලිද? අනික පොලීසියට පැමිණිල්ලක් ආවාම, ඔහෙලාගේ ආණ්ඩු කළා වගේ තරාතිරම බලලා නිකං ඉන්නද කියන්නේ? බයවෙන්න එපා, ඔයා කියන ඒවත් පෝලිමට ඒවි.

:       0       0

රම්සිTuesday, 05 November 2024 06:59 PM

ගුණරත්න ගොයියෝ.., දැනට සිප්පිකටු බලන්න, වාලම්පුරි මග එනවා…!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්කු වින්දිත නඩුව විභාගයට නියෝග
2024 දෙසැම්බර් මස 12 953 0

පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් අගතියට පත් වින්දිතයින් පැවරූ නඩු මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන්නැයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය


තරග පාවාදෙන්න යෝජනා කළ ඉන්දියානුවා අල්ලන්න පොලිසි යයි
2024 දෙසැම්බර් මස 12 755 0

මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍ර


බද්ධ සහල් ආනයනයට බාධාවක්?
2024 දෙසැම්බර් මස 11 827 0

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපක


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 5100 0

ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හ


එළවළු මල්ලෙන් මතු වූ කුඩු
2024 දෙසැම්බර් මස 11 821 0

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන බොරැල්ලේ ‘ චුට්ටං‘ නැමැත්තාට අයත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සහ ග්‍රෑම් 100 ක් එළවළු මල්ලක දමා බස් රථවලින් ප


අස්වැසුම මුදල් හෙට ගිණුමට
2024 දෙසැම්බර් මස 11 615 0

අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 60 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 51 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 100 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site