(රංජිත් රාජපක්ෂ)
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක් පුද්ගලයෙකු මියගොස් 18 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ ඊයේ (01) දින රාත්‍රි 7 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදිය.
අනතුරෙන් මියගොස් ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අනිටා මොහොමඩ් අල්සාර් (53) හැවිරිදි පුද්ගලයෙකි.
අධික බැවුමක් සහිත එම මාර්ගයේ නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු ලොරි රථයේ තිරිංග හදිසියේ ක්‍රියා විරහිත විම නිසා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නුවරඑලිය දෙසට ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැටි ලොරි රථය නතර වි ඇත.
කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ පිරිසක් නුවරඑලිය සංචාරයක් සදහා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදු වි ඇති බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.
අනතුර සිදුවන අවස්තාවේ වෑන් රථයේ 18 දෙනෙකු සහ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ගමන් කර ඇති බවත්, ඉන් ලොරි රථයේ රියදුරා පමණක් තුවාල ලබා ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අධික බැවුමක් සහිත එම මාර්ගයේ ටොන් පහට වඩා බර වාහන ධාවනය කිරිම තහනම් කර තිබියදි ලොරි රථයේ රියදුරා එය නොතකා ලොරි රථය ධාවනය කර ඇති බවට සිදු කර ඇති මුලික විමර්ෂණවලදි අනාවරණය වි ඇත.
අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, අනතුරෙන් වෑන් රථයට සහ ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු තමා ළඟත් තිබෙන්නේ යැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පරස්පර විරෝධී බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජයේ ආහාර , පෝෂණ වැඩසටහන යටතේ තඹුත්තේගම කලාපයේ පාසල් දරුවන්ට උදේ ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා ලබාදුන් සහල් කිලෝ 5,300ක් සහ පරිප්පු කිලෝ 2,100 ආහාරයට නුසුදුසු
කලින් ආණ්ඩු උතුර වෙන් කරමින් පාලනය කලත් මේ ආණ්ඩුවේ අද වනතුරු එහෙම දෙයක් පෙනෙන්නට නැතැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පා
දෙමළ ඊළාම් මහවිරු සැමරුම ප්‍රවර්ධනය වන ආකාරයේ අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ පලකලේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම්
බාර් පර්මිට් ලයිස්තුව අද හවසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැ
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට