
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම තාවකාලිකව අත්හිටුවූ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
වර්තමාන වෙලළඳපොළේ ඇති ගෑස්වල සුවඳ වාහන වන ‘එතිල් මර්කැප්ටන්’ නැමැති ද්‍රව්‍ය ඇතුළත්ව නොමැති බවත් ගෑස්වලට එම ද්‍රව්‍ය ඇතුළත්කරන තෙක් සැපයුම අත්හිටුවන ලෙස අදාල සමාගම්වලට උපදෙස් දුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ගෘහස්ථ ගෑස්වල සංයුතිය වෙනස් කිරීම පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (02) රාත්‍රි පැවැතී විශේෂ සකච්ඡාවේදී මෙම තීරණයකට එළඹී බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
පෙරවරු 7.42
(නිමන්ති රණසිංහ,විනීතා එම් ගමගේ සහ යොහාන් බාසුර)
නැවත දැනුම් දෙන තුරු වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇතැයි පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.
එම අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය වාර්තාවල නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ය.
මෙම වසර තුළ ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් 135 ක පමණ වාර්තා වී ඇති අතර මෙම පිපිරීම් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ද මේ වන විට ආරම්භ වී තිබේ.
COMMENTS
දැන්වත් මොළේ පෑදුණා ඇති, බොරු කොමිටි දාලා පර්යේෂණ කරකර කල් මර මර හිටියා. ගෑස් පිපිරීම් පිළිබඳ පුවත දැනගත් වහාම පළමුව කළ යුතුව තිබුණේ මෙයයි. දැනට වෙළඳපලට නිකුත් කර ඇති ගෑස් සිලින්ඩර අලෙවියත් වහා අත්සිටුවිය යුතුයි. ඒවා රටපුරා ආදාහනාගාරවල භාවිතයට නිකුත් කර නියමිත ප්‍රමිතියෙන් යුතු නව ගෑස් සිලින්ඩර වෙළඳපලට නිකුත් කිරීමයි දැන් කළ යුත්තේ...
මුලින් කරන්න ඕන දේ අවසානයට කරන නොහැකියාවෙන් පිරුණු අසාර්ථක ආණ්ඩුවක්. පත්කල කමිටුව කරන්නෙත් ජනතාව වෙනුවට කොම්පැණි ආරක්ෂා කරන්න උඩගෙඩි දෙන එක විතරයි.
දැන්ද ඇහැරුනේ...?
දැන් ඉතින් කාලා වරෙන්කෝ, පොහොර සහනාධාරය නවත්තන්න කාබනික ගෙනාවා වගේ, ගෑස් හිඟයට විසඳුමක් විදියට සංයුතිය වෙනස් කරලා පිපිරෙන්න හැදුවා කියලා මට නිකමට වගේ හිතෙනවා...
දැන්ද නින්දෙන් අවදි වුණේ..? ඕක කරන්න තිබුණේ මුලදීම. පොඩි එවුන්ට තියෙන මොලේවත් මේ අයට නැහැ.
ව්‍යාජ විරුවා 69 ලක්ෂයට විතරක් නෙමෙයි මුළු රටටම සැප දෙනවා, අනේ වාසනාවන්...!!!
තාවකාලිකව කියන්නේ අඩුම තරමේ කවදා වෙනකල් වත්දවත් කියනවලා ආසන්න වශයෙන් වත්.. ආයෙත් ගෑස් පෝලිම් හදන් නැතිව. මරු දැනුවත් කීරීම් මේවා..!!!.
මේ ගෑස් කාන්දුවීම් හා සිදුවූ පිපිරීම් ගැන නිසිලෙස නීතිය ක්‍රියාත්මක වුණා නම්, මෙලහටත් සමාගම් වලට නිසි දඬුවම් ලැබිලා. ඒත්, ගෑස් සමාගම් වලට රටේ දේශපාලන සහ නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙනත් ආකාරයකට. ඒ වුණාට පාඨලී චම්පික රණවකගේ වාහනය පිටුපසින් ඇවිත් හප්පපු රිය අනතුරට නීතිය ක්‍රියාත්මක වෙන්නේ පස්සෙන් පන්න පන්නා තමයි. ඒ වුණාට එක නීතියක්, එක රටක් කියා වචනයට කිව්වාට, ක්‍රියාත්මක වෙන්නේ වෙන වෙනම විදිහට. එක රටක්, එක නීතියක් තිබේ නම්, මේ වෙන කොට, රටේ ගෑස් ටැංකි ඔක්කොම එකතු කරලා, මිනිසුන්ට මුදල් ගෙවලා ගෑස් සමාගම් තහනම් කරලා, වෙනත් සමාගම් වලට රටේ ගෑස් සැපයීම පවරලාත් ඉවරයි...
සංයුතිය හරිගස්සන්න කියන්නේ නැතිව කැකිල්ලේ තීන්දුවක් අරන්...
පුළුවන් තරම් ගෑස් වෙනුවට වෙන විකල්පවලට යොමුවෙන එක තමයි කරන්න තියෙන්නේ... මෙයාලා ඊළඟට ආයෙත් ගාන වැඩි කරගනියි. තුවාලවෙච්ච, මැරිච්ච මිනිස්සුන්ට කාගෙන්වත් පිහිටක් ලැබෙන්නේ නෑ. විදුලියෙන් වැඩකරන මල්ටි කුකර් (රයිස් කුකර් එකකට සමාන) උඳුනක් තියෙනවා. එ්කෙන් ගොඩක් කෑම, වෑංජන වර්ග අඩු විදුලියකින් හදාගන්න පුළුවන්. ඒ වගේම පොල්කටු අඟුරුවලින් උයන්න පුලුවන් ලිප් තියෙනවා. ඒ වගේ විකල්පයක් තියාගන්න එක හොඳයි ගෑස් ගැනම බලන් ඉන්නේ නැතිව...
හානිවලට වන්දි ගෙවන්නේ නැද්ද ලිට්‍රෝ සමාගම..? මේක තනිකරම තක්කඩි වැඩක්...
යකෝ... ගෑස් වලට සුවඳ ගහන එක නෙමෙයි මහජනතාවට ඕන... ගෑස් කාන්දුවීම් සහ පුපුරන එක නවත්වන්න. මේ ඇමතියෝ කියන පට්ට ගොන් කතා අහලා ජනතාවට මලපැනලා ඉන්නේ. කොච්චර විද්වතුන් කියනවද? ගෑස් සංයුතිය හොරෙන් වෙනස් කරපු නිසයි මේ ගෑස් පුපුරන්නේ කියලා. අපි TV නිව්ස්වල දැක්කා... ලිට්රෝ ආයතනය පවා පිළිගත්තා මේ කතාව... අද මුළු රටේම ගෘහණියන් ගෑස් ලිප පත්තු කරන්නේ මරණ බියෙන්... මෙහෙමත් ගොන් පාලනයක් අපි ඉතිහාසයේ දැකලා නැහැ.
ළඟදීම රතුපාටින් සිලින්ඩර එන හැඩයි. බලමු ඒකේ නම් ඔක්කොම ටික හරියටම තියේවි...
ගෑස් කාන්දුවක් අනාවරනය කර ගැනීම සඳහා එකතු කරන ගඳ සහිත සංයෝගය ඉවත් කළේ ඇයි? CID පරීක්ෂණයක් අවශ්‍ය ඒ නිසයි.
සර් දැන්නම් හොඳටෝම ඇති...
බොහෝ විට ගඳ සහිත සංයෝගය ඉවත් කරන්නට ඇත්තේ නිෂ්පාදන වියදම අඩු කර ගැනීමට විය හැක. මෙය අතිශය වගකීම් රහිත ක්‍රියාවක්....
පුද්ගලීකරණය අනිවාර්ය විය යුතුයි...!!!
ගොන් කතා කියමින් ඇදගෙන ගිහින් දැන් නැවැත්තුවා. මේ වගේ ගොන් බූරු, තක්කඩි හැත්තක්ද රට කරන්නේ? දැන්වත් සිලින්ඩර ආපහු එකතු කරලා හරි ප්‍රමිතියෙන් නිකුත් කරපියව්... මේ වැරදි තීරණ ගත්තු අයට දඬුවම් දීපියව්... ඉදිරියටත් මේ වගේ ප්‍රශ්න හැම භාණ්ඩයක් වෙනුවෙන්ම ඒවි. ඇයි ඩොලර් නෑ. කුණු ගොඩවල් රටට ගෙනේවි. මොල හතා ඕවා පිටිපස්සේ ඇති. මොන ලෙඩේ වැටුණත් ඕක, පනිනවා බලන්නකෝ...
වෙන රටවල් වල ඔහොම වුණා නම් ගෙවල්වල තියන සියලුම ගෑස් සිලින්ඩර වහාම ආපසු නියෝජිත ස්ථානවලට බාරදෙන්න වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා...
ගෑස් උඳුන් පිපිරීමෙන් සිදුවුණු පාඩුවට ගෑස් සමාගම් වන්දි ගෙවිය යුතුයි. යම් හෙයකින් යම් පුද්ගලයකුට හානි වුණොත්, මරණයකට පත්වුණොත් මිනීමැරුම් චෝදනා යටතේ ගෑස් සමාගම් වලට නඩු පැවරිය යුතුයි. තමන්ගේ ලාභය වැඩි කර වැඩිකර ගැනීම සඳහා මනුෂ්‍ය ජීවිතවල වටිනාකම අවතක්සේරු කළ ගෑස් සමාගම් සම්බන්ධ දැඩි පියවරක් ගත යුතුයි. මිනීමැරුම් චෝදනා යටතේ නීතිය උපරිමයෙන් ක්‍රියා කළ යුතුයි.
ඉන්න හිටින්න රටක් දුන්නා... දැන් සැපද?
සියලුම සිලින්ඩර් එකතු කරලා නිසි ප්‍රමිතිය සහිත ගෑස් සිලින්ඩර් වලට ස්ටිකර් එකක් ගහලා එවන්න