(යොහාන් භාසුර)‘

‘ලාෆ්’ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070 කින් ඉහළ දමන බව එම සමාගම අද (5) පස්වරුවේ පැවසීය.

‘ලාෆ්’ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 418 ඉහළ දැමූ බවත් ලාෆ් ගෑස් නව මිල අද (5) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය.

එම මිල ඉහළදැමීමත් සමඟ ‘ලාෆ්’ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,700 ක් සහ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,280 ක් දක්වා ඉහළ ගිය බවත් එම සමාගම සඳහන් කළේය.

මෙම මිල ඉහළ දැමීමට හේතුව ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම සහ ආනයනික පිරිවැය ඉහළ යෑම මෙන්ම දේශීයව ඉන්ධන මිල, විදුලි ගාස්තු සහ අනෙකුත් මෙහෙයුම් පොදුකාර්ය වියදම් ඉහළ යාම බෙදාහැරීමේ සහ බෙදාහැරීමේ සමස්ත පිරිවැය ඉහළ යෑම ආරම්භයේ සිට අවසානය දක්වා ගෑස් වටිනාකමට බලපා ඇති බවත් එම සමාගම පවසයි.