(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ඇල්ල, ආරුගම්බේ, නුවරඑළිය,කල්පිටිය සහ හික්කඩුව යන නාගරික ප්‍රදේශ සඳහා සංචාරක සංවර්ධන සැලසුම් සකස් කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ.
ඒ අතරින් ඇල්ල සංචාරක සැලැස්ම දැනටමත් ගැසට්කර මගින් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ආරුගම්බේ, කල්පිටිය, හික්කඩුව හා නුවරඑළිය සංචාරක සංවර්ධන සැලසුම් සකස් කිරීම අවසන් අදියරේ පවතින බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි වෙරළ තීරය ආශ්‍රිතව ගඟේ වාඩිය, සීතගල්ල, නයාරු බීච්,ගවනර් ඔෆිස්, වයික්කාල, සම්පල්තිව් බීච් ඇතුළු අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගෙන තිබේ. මෙම ස්ථාන සංවර්ධනය කිරීම සඳහා ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු ව ඇත.
මෙම සංචාරක ස්ථාන පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීම සඳහා ඉදිරියේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශ මෙන්ම තානාපති කාර්යාල ද, සම්බන්ධ කරගනිමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා කියයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලස්සන තැන් වලට ප්‍රසන්නගේ හිත යයි
Wijeauriya Wednesday, 14 December 2022 12:25 PM
අපේ කාර්‍යාලයත් ඉදිරිපත් වූ ඵලදායිතා සම්මාන දීමේදී ළකුණු දීමට කොළඹින් ගිය කණ්ඩායම ඇල්ල ඔෆිස් එකකට ඉහළම ලකුණු දීලා පළමු ස්ථානය දීලා තිබුණා ඇත්තටම ඇල්ල සංචාරක ප්‍රදේශයක් නිසා එහෙම වෙන්න පුළුවන් කියලා අපිට ඒ දවස්වල හිතුණා.. ඵලදායිතා මෙන්ම කාර්‍ය සාධන තරග වලදීත් එන අයට උපරිමයෙන් සංග්‍රහ අවශ්‍ය බව පළාත් පාලන කාර්‍ය සාධන තරග වලදී අත්දැකීම් ලැබී තියෙනවා..
H.M.Withanachchi Wednesday, 14 December 2022 12:27 PM
මේ ගොල්ලෝ බයිලා ගහනවා. ජර්මනියේ විදේශ කටයුතු අමාත්යාංශ වෙබ් අඩවියේ තාම අවදානම් රටක් ලෙස ලංකාව නම් කරලා. ඒ නිසා එන සංචාරකයින්ට රක්ෂන නිකුත් කරන්නේ නැහැ. මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා ඉන්න රුසියාවේ හිඟන සුද්දන් අයන් එක රත්කරලා ඇනිත් පැත්ත ගහලා රොටි පුච්චන් කනවා.
යෝගා Wednesday, 14 December 2022 01:10 PM
ජෙප්පෙක් වගේ... ඇදයක්මයි දකින්නේ...
Kumara Wednesday, 14 December 2022 02:06 PM
තවදුරටත් හොර ඔප්පු හදලා මෙයාගේ කියයි..!
Akila Wednesday, 14 December 2022 02:47 PM
අප්පච්චිත් මට මතකයි කලින් පාර අයවැයෙන්, ලංකාවේ සංචාරක කලාප කිහිපයක් හඳුනාගෙන ඒවා දියුණු කරන්න කියලා බජට් එකෙන් ගානක් වෙන් කරගත්තා.. හැබැයි වෙච්චි දියුණුවක් නැහැ. අඩුම ගානේ ඇල්ල වගේ ප්‍රසිද්ධ නගරවල පාරවල්, කාණු පද්ධතියවත් හරි පිළිවෙලකට හදන්න.
අපේ දක්ෂකම් Wednesday, 14 December 2022 06:00 PM
මට කොයි පට්ටම තිබුණත්, සංවර්ධනය එහෙමත් නැත්නම් කොන්ක්‍රීට් තට්ටු ගහන එක නැතිව ජීවිකාව ගෙනියන්න බෑ. අපේ හෙංචයියන්ට ජීවත් වෙන්නත් එපායෑ. පේන්නේ නැද්ද අපි ඒ කාලේ උඩ දදා මුරුංගා අත්තේ තිබ්බ කට්ටිය කරපු සංවර්ධනය. ජාත්‍යන්තර ක්‍රීඩාංගණ අද බලු පාරාදීසයක්. රටම අද බලු වෙලාම ගිහින්. ඔන්න අපේ මොළේ!...
විපරමා Wednesday, 14 December 2022 06:16 PM
කප්පම් ගන්නත් හොඳ මාර්ගයක් තමයි?