IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංවිම ලොක්කන්ගේ විනය පරීක්‍ෂණවලට බාලගිරි දෝෂය

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ තොරතුරු තාක්‍ෂණ අංශයේ නිලධාරීන් දෙදෙනකුට අනුමත උසස්වීම් පටිපාටියට පරිබාහිරව උසස්වීම් දීමට අධ්‍යක්‍ෂ මණ්ඩලයට නීතිවිරෝධී නිර්දේශ කළ එහි නියෝජ්‍ය සාමානා්‍යාධිකාරී (පිරිස්) සහ මානව සම්පත් කළමණාකාරිණියට එරෙහිව පූර්ණ විනය පරීක්‍ෂණයක් කිරීමට නිර්දේශ කර වසරක පමණ කාලයක් ගතවුවද විනය පරීක්‍ෂණයක් ආරම්භ කර නොමැති බව සේවකයෝ පවසති.

වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ හෝ එම නිලධාරීන් දෙපළ සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය ආරම්භ කරනු ඇතැයි බලාපොරොත්තු වුවද එවැන්නක් නොවූ බව කියන සේවකයෝ අදාල නිලධාරීන් දෙපළ එම තනතුරුවල තවදුරටත් කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළහ.

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අධ්‍යක්‍ෂ මණ්ඩලය අදාල නිලධාරීන් දෙපළ අධ්‍යක්‍ෂ මණ්ඩලය නොමඟ යැවීම පිළිබඳව විනය පරීක්‍ෂණයක් කරන ලෙස එවකට විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොනල් කොමිස්ටර් මහතාට පසුගිය වසරේ අග භාරගයේදී යොමු කළ ද එම පරීක්‍ෂණය ආරම්භ නොකළ බව ද සේවකයෝ පැවසූහ.

ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමානා්‍යාධිකාරීවරයා (පිරිස්) අදාල උසස්වීම් එවකට අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව එය නීතිවිරෝධී යැයි අධ්‍යක්‍ෂ මණ්ඩල කාර්ය සටහනක් තබා ඒ සඳහා පරීක්‍ෂණයක් පැවැත්වීමට විශ්‍රාමික රාජ්‍ය පරිපාලන නිලධාරීයකුගෙන් යුත් කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ මූලික පරික්‍ෂණයෙන් අදාල චෝදනා බැලූ බැල්මට සත්‍ය බව සනාථ වී ඇති අතර ඒ හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ විනය පටිපාටියට අනුකූලව විධිමත් විනය පරීක්‍ෂය පැවැත්වීමට එම කමිටුව නිර්දේශ කළ බවත් සේවකයෝ කියති.

අදාල නිලධාරීන් දෙදෙනා මූලික පරීක්‍ෂණයේදී එම වරද පිළිගෙන ඇති බව ද විදුලිබල මණ්ඩලයේ සේවකයෝ පැවසූහ.

කෙසේ වෙතත් එවැනි විශාල විනය කඩකිරීමක් කළ උසස් නිලධාරීන් දෙදෙනකු තව දුරටත් එම මණ්ඩලයේ මේ වන විට වසරක පමමණ කාලයක් එම තනතුරුවලම කටයුතු කිරීමට ආයතනය දැඩි හානියක් බව කියන එම මණ්ඩලයේ සේවකයෝ මානව සම්පත් කළමණාකාරිණිය ආයතනය තුළ සේවය කරන කාලය පිළිබඳ විශාල කටයුවක් පවතින බව ද සඳහන් කළහ.

වර්තමාන ආණ්ඩුව පත්කළ ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකුගෙන් මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එවැනි පරීක්‍ෂණයක් පිළිබඳව නොදන්නා බවත් ඒ පිළිබඳව වාහාම සොයාබලන බවත්ය. 



අදහස් (0)

ලංවිම ලොක්කන්ගේ විනය පරීක්‍ෂණවලට බාලගිරි දෝෂය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site