IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලයිසියම් වාර්ෂික ත්‍යාග ප්‍රදානය මෙම 30 වැනි දා

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය Cinnamon Life - City of Dreams හිදී මෙම අගෝස්තු මස 30 වන දින සවස 6.00 සිට අලුයම 12.00 දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සූදානම් කර ඇත.

මීට වසර 32 කට පෙර, ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින්, නුගේගොඩ දී, ආරම්භ කළ ලයිසියම් ජාත්‍යන්තර පාසල වර්තමානයේ දිවයින පුරා ශාඛා 12 සිසුන් 26,000 අධික සංඛ්‍යාවකට දැණුම බෙදා දෙන සුවිසල් තක්සලාවකි.

ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ මව් පාසල වන නුගේගොඩ පාසලේ පමණක් සිසුන් 5770 කට අධ්‍යාපන, ක්‍රීඩා, සෞන්දර්ය හා නොයෙකුත් විශය බාහිර ක්‍රියාකාරකම් රාශියක් මෙහෙයවයි.

සංස්කෘතික රංගන, ශාස්ත්‍රීය ඉදිරිපත් කිරිම්,සැමරුම් දේශන, ත්‍යාග හා සම්මාන ප්‍රදානයන්ගෙන් පොහොසත් මෙම සම්මාන උළෙල, සහභාගීවන සිසුන්, මාපියන්, ගුරු මණ්ඩලය, කළමණාකාරීත්වය හා සම්භාවනීය අමුත්තන්ගේ අත්දැකීම් වල නිම් වළලු පුළුල් කරනු නොඅනුමානයි.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අවසන් වසර සිසුන් විසින්ම සංවිධානය කරනු ලබන මෙම, සැණකෙළිය, ඔවුන්ගේ පාසල් ගමනේ කූට ප්‍රාප්තිය පමණක් නොව ඔවුන් නව අනාගතයකට පා තබන විට මතුව එන නායකත්වයේ, නිර්මාණශීලීත්වයේ, සහ කැපවීමේ ජීවගුණය පිළිබිඹු කරයි.

 

 



අදහස් (0)

ලයිසියම් වාර්ෂික ත්‍යාග ප්‍රදානය මෙම 30 වැනි දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2439 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site