
(අංජුල මහික වීරරත්න)
2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.
ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනතාවගේ වෙනත් කඩිනම් සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඊ. ඒ. රත්නසීල, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් එම්. අනෝමා නන්දනී යන මහත්ම මහත්මහු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අධිකරණ වල සමහර නඩු වසර 20-30 කල් ඇදෙනවා.. එක විනිසුරුවරයෙකුට දිනකට නඩු 50-100 අතර ප්‍රමාණයක් එනවා. ඒවා විසඳීමට කලේ නැති නිසා බහුතරයක් කල් දැමීම හැර වෙන විකල්පයක් නැහැ... ඉතා අධික විනිසුරුවරුන්ගේ හිඟයක් රටේ තිබෙනවා. එම නිසා දිනකට දහස් ´ගණනක් පුරවැසියන් නිකරුනේ අදිකරණ වල රස්තියාදු වෙනවා , එම නිසා විශාල ශ්‍රමයක්, ධනයක් රටට අහිමි වෙනවා තිබෙන තත්වය මත අවම වශයෙන් විනිසුරු වරු 500-1000 අතර ප්‍රමාණයක් අවශ්‍යතාවයක් රටට තිබෙන , අවම වශයෙන් විනිසුරුවරු 400 වත් ඉදිරි වසර තුල පුහුණුවට සහ අලුත් බන්දවා ගැනීම කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අයවැයෙන් වෙන් කරන ලෙස ඉල්ලා සිටිමි..
රටේ වාහන මිලදී ගන්න බලාපොරොත්තු බහුතරයකට රුපියල් කෝටියක් කියන්නේ විශාල මුදලක්..., බහුතරයකගේ අදායම් ලංකාවේ සහ ලෝකයේ තිබුණු ආර්ථික ප්‍රශ්නත් සමග කඩා වැටීම මේකට බලපානවා. රටේ ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙනවා නම් ආණ්ඩුවට සිදු වෙනවා වාහන සහ අනෙක් ආනයනික ද්‍රව්‍ය සඳහා ගහන බද්ද දැනට තිබෙන ප්‍රමාණයේ සිට අනිවාර්යයෙන් 50% දක්වා අඩු කරන්න.