
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක රාජගිරිය ප්‍රධාන මූලස්ථානයෙන් ලැෆ්ටොෆ් පරිගණක 46 ක් සොරාගත් සේවකයන් පස්දෙනාගෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
සොරාගත් එම පරිගණක වල වටිනාකම රුපියල් 2,140.000/= බව පොලිසියේ සඳහන්කරයි.
තම ආයතනයේ ගබඩා කර තිබූ පාවිච්චියෙන් ඉවත් කරන ලද ලැෆ්ටොෆ් පරිගණක 46 ක් කිසියම් පිරිසක් සොරාගෙන ඇති බවට එම ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
2025 ජුනි මස හා මෙම මස 02 දිනත් අතර කාලයේදී එම සොරකම සිදුවී ඇති බව මෙහෙයුම් නිලධාරීවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව පොල් ගස් ඕවිට ,ඇතුල් කෝට්ටේ සහ පානදුර හීරණ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29/34 පසුවන සැකකරුවත් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරා ගෙන තිබූ ලැෆ්ටොෆ් පරිගණක ඔවුන්ගේ නිවාස වල තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙම සොරකමට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
48
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලැප්ටොප් 46ක් සොරාගත් සේවකයින් තිදෙනකු අල්ලයි
ආනන්ද Friday, 17 October 2025 12:11 PM
"ලැෆ්ටොෆ්" නෙමෙයි "ලැප්ටොප්"
ලැෆ්ටොප්නන්ද Friday, 17 October 2025 01:38 PM
ආනන්ද තමාට මෝල්ද, ඒවා ලැෆ්ටොප්ම නම් වේ...